*
Friday, May 3, 2024
spot_img

Latest Posts


විද්‍යුත් බස්රථ ධාවනය නුදුරේදීම

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, විද්‍යුත් බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බවත් එම බස් ධාවනයේ දී කොන්දොස්තරවරු අනවශ්‍ය බවත්ය.

එහිදී වැඩිදුරයත් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා,

“කොන්දොස්තරවරයෙක් නෑ මේ බස්රථවල. විශේෂයෙන්ම මේ බස්රථවල යන්න පුළුවන් විද්‍යුත් කාඩ් පතකින් පමණයි. අපි ළිං මැඬියෝ වගේ ඉන්නේ. අපි විද්‍යුත් තාක්ෂණයට යා යුතුයි. ඉදිරියේ දී බස්රථ ආයෝජනය කරන්නේ ඒ උපකරණ සමඟ. ඒ කියන්නේ බස් රථයට නැංගහම අපිට අලුතින් ටිකට් මැෂින් අවශ්‍ය නෑ. ටච් කරන්න පුළුවන් කාඩ් එක හරහා. ලංකාවේ භාවිත කරන ඕනෑම කාඩ් එකක් භාවිත කරන්න පුළුවන්. අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මේ බස්රථ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට දාන්නේ කොළඹ මාර්ග තදබදය අඩුකර ගන්න. මේ කාර්වලින් යන ජනතාව බස් එකේ යන්න යොමු කරන්න. ආබාධිතයින්ට මේ බස්වල යන්න පුළුවන්. මේ බස්රථ දැම්මහම කොළඹට වාහන ඒම පිළිබඳ යම් තීරණයක් ආණ්ඩුව ගත යුතුයි.”

ලෙස කීවේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan