සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): වර්තමානයේ රටේ පවතින ගැටලු හමුවේ විශාල ප්‍රමාණයෙන් රට හැරයාමක් දක්නට ලැබේ. ඒ අතර වෛද්‍යවරුන් , ඇතුළු රටේ මානව සම්පත දක්නට ලැබේ. එය එසේ සිදුවෙමින් තිබෙන වකවාණුවක හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර ගොස් ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසයි.
ඒ සමඟම සාමාන්‍ය සැත්කම් හැර සෙසු සැත්කම් සිදුකිරීම රෝහල තුළ අර්බුදයකට මුහුණ පා ඇති බව ද වෛද්‍යවරයා කියා සිටී.
ඒ අනුව වෛද්‍යවරයා සඳහන් කරන්නේ , අනිවාර්ය සැත්කම් සඳහා රෝගීන් වෙනත් රෝහලකට යැවීමට සිදුවන බවත් සාමාන්‍ය සැත්කම් සිදුකිරීම අර්බුදයකට මුහුණ පා ඇති බවත්ය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??