සටහන – රුවන් නෙළුගොල්ල
මෙවර ජනාධිපතිවරණයට තරගවැදීම සඳහා නාමල් රාජපක්ෂ යන නම සහිත අපේක්ෂකයින් දෙදෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඔවුන් ඉදිරිපත් වන්නේ පිළිගත් දේශපාලන පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හා සමබිම පක්ෂයෙනි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්ව සිටින අතර සමබිම පක්ෂයෙන් ජ්‍යේෂ්ඨ නීතීඥවරයෙකු, දේශපාලන ක්‍රියාකාරිකයකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත්ව සිටී.