රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):
අද (14) පෙරවරුවේ, ජනාධිපති ධුර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා නාම යෝජනාවලට අත්සන් තබා තිබෙන බව සඳහන් වේ.
මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද නාවල පිහිටි ඔහුගේ නිවසේ දී විජයදාස මහතා නාමයෝජනා සඳහා අත්සන් තබා ඇති අතර, ජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා ඇප මුදල් තැන්පත් කළ බව පැවසේ.