Fumio Kishida ඉල්ලා අස්වන බව නිවේදනය කරයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජපාන අගමැති Fumio Kishida  සැප්තැම්බර් මාසයේදී ඉල්ලා අස්වන බව නිවේදනය කළ බව එරට මාධ්‍ය පවසයි.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ , ලබන මාසයේ පැවැත්වෙන පක්ෂ අභ්‍යන්තර මැතිවරණයේදී ෆුමියෝ කිෂිඩා පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස නැවත තේරී පත් නොවනු ඇති  බවයි .

ටෝකියෝ හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිෂිඩා පැවසුවේ පක්ෂ නායකත්වයට නව මුහුණුවරක් ලබා දීමට කාලය පැමිණ ඇති බවයි.නව නායකත්වයට තමා සම්පුර්ණයෙන්ම සහාය දෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව ඔහු කියා සිටි අතර, Fumio Kishida පසුගිය 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී තුන් අවුරුදු ධුර කාලයක් සඳහා පක්ෂ සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර, ඉන් ටික කලකට පසු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර අගමැතිධුරයට පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...

වේගවත්ම අර්ධ ශතකය ශෂීනි ගිම්හානිගෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන...

අමෙරිකාව ගත් තවත් බරපතල තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය...