දක්ෂිණ අධිවේගයේ රිය අනතුරකින් අවුරුදු 02ක කුඩා දැරියක් ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):

අද (14) උදෑසන, දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 02ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇල්පිටිය පොලිස් වසමේ එම අනතුර සිදුව ඇති අතර මත්තල දෙස සිට කොට්ටාව දෙසට ගමන් ගත් වෑන් රථයක ටයරයේ හුළං බැසීම හේතුවෙන් අධිවේගී මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ වැදී පෙරළීමෙන් එම අනතුර සිදුව තිබුණි.

අනතුරින් වෑන් රථයේ ගමන්ගත් කුඩා දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කුඩා දැරියක් මියගොස් ඇත.එලෙස මියගොස් තිබුණේ කතරගම වැඩිහිටිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 02යි මාස 02ක දැරියකි.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ කුඩා දරුවන් ඇතුළු වැඩිහිටියන් 12 දෙනෙකු පමණ ගමන් කර ඇති බව පොලීසිය පවසන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...

ශ්‍රී ලංකාව නැවත ගොඩනැංවීමට තායිලන්ත රජයෙන් රු. මිලි. 10.2ක මුදල් ආධාරයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ‘දිට්වා’ සුළි කුණාටුවෙන්...

සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන පිබිදීමක්…

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා සංචාරක...

Tik Tok ගැන යුරෝපයෙන් අලුත් තීරණයක්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:TikTok සමාජ මාධ්‍ය වේදිකාව, වයස අවුරුදු 13ට...