මහජන ආරක්ෂක ඇමතිගේ පත්තරේට එරෙහිව නාමල්ගෙන් පොලිසියට පැමිණිල්ලක්

Date:

මව්බිම පුවත්පතේ තමන් සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ මහතා තංගල්ල පොලිසියට මෙසේ පැමිණිලි කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ නෙත්මි අහිංසා දැරිය තමන් හමුවීමට කැඳවාගෙන පැමිණීම සම්බන්ධයෙන් මව්බිම පුවත්පත පළකර තිබුණු පුවතක් සම්බන්ධයෙනි.

මව්බිම පුවත්පතේ හිමිකරුවා වන්නේ රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය දරණ ටිරාන් අලස් මහතා වීම ද විශේෂත්වයකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විගණකාධිපතිනිය කථානායක ජගත් හමුවේ රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබාදෙයි

සටහන - රුවන් නෙළුගොල්ල නව විගණකාධිපති ලෙසින් තේරී පත්වූ සමුදිකා...

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...