භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය තවත් කල් යයි !

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර ලෙස භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලැබීම තව දුරටත් කල් යන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. දැනට නිකුත් ඇති භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන බැඳුම්කර හා හුවමාරු කර ගැනීමට අවශ්‍ය අයට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට දෙවන වරටද දීර්ඝ කරනු ලැබ ඇති අතර මේ අනුව එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අගෝස්තු 28 දින දක්වා කාලය ලැබෙනවා. අගෝස්තු 29 දින ප්‍රතිඵල නිවේදනය කෙරෙනු ඇති අතර අගෝස්තු 31 දින බැඳුම්කර හුවමාරුව සිදු වීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර ලෙස සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒ අනුව මුළු සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයෙන් 94%ක් අගෝස්තු 15 දින හුවමාරු වීමට නියමිතයි. මුල් නිවේදනය අනුව මෙය සිදු විය යුතුව තිබුණේ ජූලි 31 දින වුවත් පසුව එම දිනය අගෝස්තු 15 දක්වා කල් දමනු ලැබුවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියරේදී නම් කර ඇති නිශ්චිත භාණ්ඩාගාර බැඳුම්කර වලට හිමිකම් කියන ඕනෑම ආයතනයකට එම බැඳුම්කර හුවමාරු කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි වුවත්, මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කර තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු බැඳුම්කරයි. අනෙක් බොහෝ බැඳුම්කරහිමියන්ට විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට මෙන් දීර්ඝ කාලයක් තමන්ගේ මුදල් හිර කර තැබීමට අපහසු බැවින් ඔවුන් මේ හුවමාරුව සඳහා ඉල්ලුම් කිරීමට විශාල උනන්දුවක් දැක්වීමේ ඉඩක් නැහැ.

විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් ඉල්ලා සිටිනු ලැබුවහොත් අදාළ බැඳුම්කර අනිවාර්යයෙන්ම හුවමාරු කෙරෙනවා. එහෙත්, අනෙකුත් බැඳුම්කර හිමියන්ගේ ඉල්ලීම් හා අදාළව එවැනි සහතිකයක් නැහැ. එම ඉල්ලීම් පිළිගන්නේද යන්න එකින් එක වෙන වෙනම සලකා බැලීමට නියමිතයි.

ඉහත අයදුම් කිරීම් සඳහා මුලින්ම ජුලි 25 දින දක්වා කාලය ලබා දුන් අතර පසුව එම දිනය අගෝස්තු 11 දක්වා දීර්ඝ කරනු ලැබුවා. අගෝස්තු 11 සිට මෙම දිනය දෙවන වරටද දීර්ඝ කර තිබෙනවා. මෙයට හේතුව ලෙස සඳහන්ව ඇත්තේ ණයහිමියන් විසින් එසේ කරන මෙන් ඉල්ලා සිටීමයි. ඇතැම් විට අදාළ බදු සංශෝධන සිදු වීමේදී වූ ප්‍රමාදය මෙම කල් යාමට හේතු වූවා විය හැකියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...