සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): විදුලිය සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අද(14) විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති අතර , විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ඉදිරියේදී විදුලිය මිලදී ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමට පියවර ගන්නා බවත් , සැලසුම් සහගත විදුලිය කප්පාදුවක් සිදුවනු ඇතැයි අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත?