ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට කාන්තාවක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සැප්තැම්බර් මාසයේදී ඉන්දියාවේ මහ කොමසාරිස් ධූරයෙන් ඉවත් වන වත්මන් මහ කොමසාරිස් මිලින්ද මොරගොඩග මහතාගෙන් පසුව ක්ෂෙනුකා ධිරේනි සෙනෙවිරත්න ඉන්දියාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස පත්කර යැවීමට ජනාධිපතිවරයා තීන්දුකර ඇතැයි  තොරතුරු වාර්තා වේ.

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (විදේශ මාධ්‍ය) ලෙස කටයුතු කරනු ලබන්නේ ක්ෂෙනුකා ධිරේනි සෙනෙවිරත්න මහත්මියයි.

ඇය මිට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙසත්, එක්සත් රාජධානියේ මහ කොමසාරිස්වරිය ලෙසත් පසුව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් කටයුතු කර ඇති  බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොල්ගොතාව අබියස

පච්ච ගෑ ක්‍රිස්තු විත් හිටියාත්‍රස්ත පනතට එරෙහි සටනේපුස් නොකෑ...

මාලිමාවේ මහර සභාපති ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය...

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...