13 ක්‍රියාත්මක කරන්න ඕනේ නම් ජනාධිපතිවරණයක් තියල බලය ගන්න!

කොළඹ LNW: 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වහා ජනාධිපතිවරණයක් කැඳවා ජනවරමක් ලබාගත යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ සඳහන් කරන්නේ ආණ්ඩුවේ තවමත් ඉන්නේ රට හැදීමට ගෝඨාභය ජනාධිපතිවරයා ට සහය දීම සඳහා පත්කළ මන්ත්‍රීවරු බවයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් ජනධිපතිවරයාට කිසිදු ජනවරමක් නොමැති බව උන්වහන්සේ ප්‍රකාශ කරති.

“ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලා, 13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීම සඳහා මට බලය දෙන්න කියලා ජනතාවගෙන් බලය ඉල්ලන්න. එතකොට ජනතාව ඔහුට බලය දෙන්න සුදානම් නම් ඔන්න ඔහුට අයිතිය තියෙනවා එය ක්‍රියාත්මක කරන්න එතෙක් කිසිදු අයිතියක් මේ ජනවරම තුළ නෑ කියන එක අපි මතක් කරන්න ඕනේ. මේකේ ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඔක්කෝම මේ රට හදන්න ගෝඨාභය ජනාධිපතිවරයා ට සහය දෙන්න කියලා අපි කියලා පත්කරපු මිනිස්සු. තාමත් අපේ රටේ සමහර හාමුදුරුවරු කුඩු කෑවා වගේ නිහඬව මේ ව්‍යවසනය ඉදිරියේ බලාසිටීම අපිට කොහෙත්ම අනුමත කරන්න බෑ” යනුවෙන් උන්වහන්සේ අවධාරණය කරති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...