නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති දළදාව වැදපුදා ගනියි!

කොළඹ LNW:2024 ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා වහන්සේ වැඳපුදා ගනිමින් ආශිර්වාද ලබාගත්තේය.

ශ්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා පිළිගන්නා ලදි.

අනතුරුව ජනාධිපතිවරයා විශේෂ අමුතන්ගේ කුටියේදී සුහද පිළිසඳරක නිරත වූ අතර එම අවස්ථාව සඳහා ලොහාන් රත්වත්ත, දිලුම් අමුණුගම, අනුරාධ ජයරත්න,මහින්දානන්ද අලුත්ගමගේ යන මැති ඇමතිවරු ඇතුළු මහජන නියෝජිතයන් රැසක් එක්විය.

අනතුරුව ජනාධිපතිවරයා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමි සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...