UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, 2026 සැප්තැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 81 වන සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙවර තේමාව වන 'විශ්වාසය යළි ගොඩනැගීම සහ පරිවර්තනය කළමනාකරණය කිරීම: සැම වෙනුවෙන්ම ප්‍රතිඵල අත්කර දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්' (Restoring Trust, Managing Transformation: A United Nations That Delivers for All) යන්නට අනුකූලව, 2026 සැප්තැම්බර් 28 වන දින පැවැත්වෙන ඉහළ මට්ටමේ සතියේ (High Level Week) මහා විවාදයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය සිදු කිරීමට විදේශ අමාත්‍ය හේරත් මහතා නියමිතව ඇත.

මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා, එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුසන්තිකාගේ වසර 24ක් පැරණි ආසියානු ක්‍රීඩා වාර්තාව බිඳ වැටෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : ජපානයේ පැවැත්වෙන 2026...

විජේවීර ඝාතනය ආණ්ඩුවේ තීරණයක්…

ජනාධිපති ජේ.ආර්.ගේ මාධ්‍ය ලේකම් ලක්ෂ්මී පීරිස් හෙළිකරන රහස් ඇමරිකාවේ ඔරිගන්...

පාකිස්තානයේ අගනුවර වසා දැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: පාකිස්තානයේ අගනුවර වන...