UNGA 81 වන සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය අමාත්‍ය විජිත හේරත්ගෙන්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, 2026 සැප්තැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 81 වන සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙනු ඇත.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙවර තේමාව වන 'විශ්වාසය යළි ගොඩනැගීම සහ පරිවර්තනය කළමනාකරණය කිරීම: සැම වෙනුවෙන්ම ප්‍රතිඵල අත්කර දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්' (Restoring Trust, Managing Transformation: A United Nations That Delivers for All) යන්නට අනුකූලව, 2026 සැප්තැම්බර් 28 වන දින පැවැත්වෙන ඉහළ මට්ටමේ සතියේ (High Level Week) මහා විවාදයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය සිදු කිරීමට විදේශ අමාත්‍ය හේරත් මහතා නියමිතව ඇත.

මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා, එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...