චම්පිකගේ නිවසෙන් අළුත් පෙරළියක්?

Date:

අද (15) පෙරවරුවේ බත්තරමුල්ල ජයන්තිපුර පිහිටිපාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නිවසේ විශේෂ දේශපාලන සාකච්ජාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම,කුමාර වෙල්ගම,විමල් වීරවංශ ඇතුළු ප්‍රධානීන් කිහිප දෙනෙක් ඊට සහභාගී වී ඇති බව සඳහන්.

මේ වන විට ආණ්ඩුවෙන් ස්වාධීන වී සිටින කණ්ඩායම මෙන්ම විපක්ෂයෙන්ද ස්වාධීන වී සිටින කණ්ඩාම් එක්ව නව පෙරමුණක් ගොඩ නැගීම ගැන එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ජාවට ලක්ව ඇති බවයි කියවුණේ.

මේ අතර ඔඩු වැඩපිළිවෙලක් වෙනුවෙන් ආණ්ඩුවට සහය දීම ගැනද ආණ්ඩු පක්ෂ,විපක්ෂ විවිධ පාර්ශව මේ වන විට අදහස් ඉදිරිපත් කරමින් තිබෙන නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පාර්ශවයෙන් තවමත් එම යෝජනාවලිය ඉදිරිපත් නොවීම ගැනද විවේචනයන් ඉදිරිපත් වෙමින් තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...