*
Sunday, December 15, 2024
spot_img

Latest Posts

ඉන්දියාවේ අදහස සුන් – පේරු නැවත එයි

අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය 2024 පැවත්වීම සම්බන්ධයෙන් එය හිමිව තිබුණු පේරු රාජ්‍යය යම් අවිනිශ්චිත අදහසක් දක්වමින් සත්කාරකත්වයෙන් ඉවත්වීමේ සූදානමක් පෙන් වූ අතර,එහිදී එම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ඉන්දියාව ඉදිරිපත් වී තිබිණ.නමුත් ඊයේ (අගෝස්තු 14) රැස් වූ ලෝක මලල ක්‍රීඩා සංගම් කවුන්සිලය එය පේරු රටේම පැවත්වීමට එකඟවීම නිසා ඉන්දියාවේ බලාපොරොත්තු හැකිලී ගියේය.
එසේම එම අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා තරගාවලිය 2024 අගෝස්තු මස 26 – 21 දක්වා පේරු රාජ්‍යයේ ලීමා හී දී පැවත්වීමට අමතරව 2026 එම තරගාවලියේ සත්කාරකත්වය ඇමෙරිකවේ ඉයුජින් හී ඔරිගන් විශ්ව විද්‍යාලීය ධාවන පථය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන්නට ද තීරණය විය.
මීට අමතරව ඇමෙරිකාවේම සෙන්ට් ඩියාගෝ වෙත ලෝක මලල ක්‍රීඩා මාර්ග ධාවන ශූරතාව 2025 පිරිනමක්කටද මෙහිදී එකඟතාවයකට එළැඹි අතර 2026 සඳහා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් වෙත එම මාර්ග ධාවන පැවත්වීමේ අවසරය ප්‍රදානය කරන ලදී.මෙහි පළමුවැන්න සැතපුම් එකක්, කිලෝමීටර් 5ක් සහ අර්ධ මැරතන් තරගයක් ලෙස මේ වසරේ ඔක්තෝබර් 1 වැනිදා ලැට්වියාවේ රීගාහිදී පැවැත්වේ. මෙම ශූරතාවලිය 2025 සිට වාර්ෂික ඉසව්වක් බවට පත් වනු ඇති අතර අනාගතයේදී එහි සත්කාරකත්වය දරන්න ලෝකයේ ප්‍රධාන නගරවලින් විශාල ඉල්ලුමක් ඇතිවනු ඇති බවද මෙහිදී ප්‍රකාශ විය.
ඡායාරූපයේ දැක්වෙන්නේ 2024 අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය පැවත්වෙනු ඇතැයි සැළකෙන 2019 පෑන් ඇමෙරිකා සහ පාරා පෑන් ඇමෙරිකා තරගාවලියට කේන්ද්‍ර වූ විඩේනා ජාතික ක්‍රීඩා සංකීරණය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan