නාගමුවගේ ප්‍රකාශය ගැන ඇමති ටිරාන්ගෙන් CIDයට පැමිණිල්ලක් !

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

දුමින්ද නාගමුව මහතා 2023.08.12 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් මහතා ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව පවසා තිබිණි. ඒ අනුව මෙම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් ඉල්ලා අද පස්වරුවේ ටිරාන් අලස් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමා සැමවිටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදී ද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවත් ය. විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාවය ජනතාව කඩිනමින් දැනගත යුතුබව ටිරාන් අලස් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...