ගාල්ලේ ආඩම්බරය සුරැකෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ 
අගෝස්තු 16, LNW කොළඹ:
 ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් අනාගතයට වඩාත් පලදායී අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලියේ සූරතාවය ගාල්ලට හිමි වෙමින් අවසන් විය.මේ වන විටත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බහුතර නියෝජනය හිමි ගාල්ල,රත්ගම දේවපතිරාජ විද්‍යාලීය ක්‍රීඩිකාවන් මේ තරගාවලියේ දී ද කැපී පෙනෙන දස්කම් දක්වමින් ලාංකේය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය උදෙසා දේවපතිරාජ ආධිපත්‍යය තහවුරු කරන්නට සමත් විය.



තරගාවලියේ ආරම්භයේ දී ම අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීම ආරම්භ කළ දේවපතිරාජයෙන් ගාල්ලට ලැබුණු දායාදයක් වූ හිරුනි හංසිකා අවසාන තරගයේ දි පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දක්වමින් අවසාන තරගායේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.ඇය පිත්තෙන් පන්දු 37 දී නොදැවී ලකුණු 31 ක් ලැබුවාය.පන්දු යැවීමෙන් ඇය ගාල්ල ජයග්‍රහණයට ලකුණු 12 ට කඩුලු 4 ක් ලබා දෙමින් දායක වූවාය.

තරගාවලිය පුරාම පන්දු යවන්නියක ලෙස කැපී පෙණුන රටේම අවධානය දිනා ගත් නොහොත් බට්ටිනම් සුරතල් වදනින් අමතන මොණරාගල පඤ්ඥානන්ද විද්‍යාලයේ චමෝදි ප්‍රබෝධා අවසාන තරගයේ දී ද සිය පන්දු ඕවර් 4 ලකුණු 16 ට කඩුලු 3 ක් ලබා ගනිමින් නිමා කළාය.තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය වූයේ ද දේවපතිරාජ නියෝජනයක් වූ සංජනා කාවින්දි ය.දක්ෂතම පන්දු යවන්නිය ලෙස ඇගයීමට ලක් වුණේ දේවපතිරාජයේම ක්‍රීඩිකාවක් වූ ෂෙහාරා ඉඳුවරී ය.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලැබුවේ කොළඹ කණ්ඩායම නියෝජනය කළ නුගේගොඩ අනුලා විද්‍යාලයේ දැහැමි සනිත්මා ය.

අවසාන තරගය ගාල්ල කණ්ඩායම සමඟ තරගයට පිවිසි මහනුවර කණ්ඩායමේ කඩුලු 9 ක් ම දවා ගනිමින් පන්දු ඕවර් 20 නිමා වන විට මහනුවර කණ්ඩායමේ ලකුණු තත්ත්වය 87 නවතා තබන්නට ගාල්ල කණ්ඩායම සමත් විය.එම ලකුණු ප්‍රමාණය කිසිඳු කඩුල්ලක් නොබිදී පන්දු ඕවර් 11.5 දී ලබා ගනිමින් ගාල්ල කණ්ඩායම පහසුවෙන් සූරතාවයට සමීප විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තැපැල් සේවකයින් අදත් වැඩවර්ජනයේ

සටහන - රුවන් නෙළුගොල්ල තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප...

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...