“දිනන සජිත්” – සජිත්ගේ ජනාධිපතිවරණ සටනේ මංගල ජන රැලිය අද !

0
2519

සටහන – රුවන් නෙළුගොල්ල

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (16) කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පස්වරු 04.00 ට කුරුණෑගල සත්‍යවාදී පිටියේදී මෙම ජන රැලිය ආරම්භ වේ.

සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන්, හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම ජන රැලියට එක්වීමට නියමිත ය.