සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරිය වශයෙන් ප්‍රකෝටිපති තක්ෂින් ෂිනවත්‍රාගේ බාල දියණිය වන 37 හැවිරිදි Paetongtarn Shinawatra තේරී පත්ව ඇති බව වාර්තා වේ.
Paetongtarn Shinawatra තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය වන අතර පසුගිය බදාදා(14)වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අධිකරණ තීන්දුවක් මඟින් එරට හිටපු අගමැති ශ්‍රේත්තා දුෂණ චෝදනා මත ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ හිස් වූ අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් ඇය පත්ව ඇත.
Pheu Thai පක්ෂය නියෝජනය කරන Paetongtarn Shinawatra වසර තුනකට පෙර දේශපාලනයට පිවිසීමට පෙර පවුලේ ව්‍යාපාරික අධිරාජ්‍යය පාලනය කර ඇති අතර කිසිවිටෙක දේශපාලනය තුළ නිලතල දරා නැත.