බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

Date:

ඉසුරු පරාක්‍රම

අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වී ආර් චර්ච් ඉන්ටර්නැෂනල් සංවිධානය ශුද්ධ වූ අතිඋතුම් දාහතරවන ලියෝ පාප්වහන්සේ හමුවීමට නියමිත බව වාර්තා වේ.

වී ආර් චර්ච් ඉන්ටර්නැෂනල් යනු විවිධ ලිංගික අනන්‍යතා ඇති පූජකවරුන් සහ කාන්තා පූජකවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්වන අතර, ඔවුන් මෙම අවස්ථාව ලබාගෙන තිබෙන්නේ, පවුල් ඒකකයක් ගොඩනැඟිය යුත්තේ කාන්තාවක සහ පිරිමියකු අතර පමණක් බවට වූ දැඩි ස්ථාවරයක් ලියෝ පාප්වහන්සේ විසින් ප්‍රකාශකර තිබෙන පසුබිමක ය.

ලියෝ පාප්වහන්සේ ගේ පූර්වගාමියා වූ ශුද්ධ වූ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුබවාදීව ප්‍රතිචාර දැක්වූ පුද්ගලයකු වූ නමුත්, උන්වහන්සේගේ අනුප්‍රාප්තිකයා ලෙස ලියෝ පාප්වහන්සේ මෙම ස්ථාවරයෙන් බැහැර වූ මතයක් කතෝලික සභාව නියෝජනය කරමින් ප්‍රකාශ කළහ.

විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් උන්වහන්සේ එවන් ස්ථාවරයක් දරන නමුත්, විවිධ ලිංගික අනන්‍යතා ඇති සහ කාන්තා පූජකවරුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක සාමාජිකයන් සමඟ හමු වී කතාබස් කිරීමට ලියෝ පාප්වහන්සේ එකඟවීම ම කිතුණු ජනතාව අතර ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් නව බලාපොරොත්තුවක් ගෙනඑන බව වී ආර් චර්ච් ඉන්ටර්නැෂනල් සංවිධානය මාධ්‍ය වෙත ප්‍රකාශ කරයි.

වී ආර් චර්ච් ඉන්ටර්නැෂනල් පිහිටුවාගනු ලැබුවේ 1996 වර්ෂයේවන අතර, එය ගෝලීය මට්ටමින් ව්‍යාප්තව පවතින සංවිධානයකි.

සමලිංගික විවාහ නීතිගත කිරීමට සහ දරුවන්ගේ ස්ත්‍රී-පුරුෂභාවය වෙනස් කිරීමට මෙරට සංවිධාන කිහිපයක් වෙර දරමින් සිටින බවට වතිකානුවේ ශ්‍රී ලංකා නියෝජිත කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරනු ලැබුවේ, කෙටිකලක් තුළ පිට පිට දෙවන වරටත් විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් ඉතාම සෘණාත්මක, සාවද්‍ය සහ භයානක ප්‍රතිරූපයක් ජනතාව අතර මවමිනි.

අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වන විවිධ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් සමඟ හමු වී කතාබස් කොට තමාට ඇති සැක දුරුකර ගැනීමට වත් කාදිනල් හිමිපාණන් කටයුතුකළ බවක් නිරීක්ෂණය නොවූ අතර, උන්වහන්සේ නියෝජනය කරන ශුද්ධ වූ වතිකානුවේ නායකතුමන්වන ලියෝ පාප්වහන්සේගෙන් වත් සවන් දීමේ උතුම් මිනිස් ගුණාංගය උගනීමට උන්වහන්සේ ට හැකි නම් අගනේය බව පැවසීමට අපි කැමැත්තෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...

එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

බොලිවියාවේ ඉදිරි දේශපාලන වෙනසක් සිදුවේද? බොලිවියාවේ ජනාධිපතිවරණය ගැන නොදත් දේ..

රෂිකා හෙන්නායක අගෝස්තු 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...