කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW :

දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී, වත්තල, බංගලාවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 309 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබෙන අතර, එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 05කට අධික බව පොලීසිය පවසයි .

එම කේරළ ගංජා තොගය සැකකරුවන් විසින් කුලී පදනම මත ලබාගත් නිවසක කාමරයක් තුළ සඟවා තිබියදී සොයා ගෙන තිබෙන අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බව වාර්තා වේ.

ඔවුන් අද වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්

කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර හදිසියේ අභාවප්‍රාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා...

ඉතිහාසයේ ජනාධිපති වැය ශීර්ෂයට වැඩිම මුදල 2026. ජනාධිපතිතුමාගේ විනාඩියක වියදම රුපියල් 21,000යි – දයාසිරි

ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධයෙන් අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ දැඩි...