එක්සත් ජනපදය හා රුසියාව අතර න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවුවහොත් බිලියන පහකට අධික ජනතාවක් කුසගින්නෙන් මිය යනු ඇති බව නිව් ජර්සිහි Rutgers විශ්වවිද්‍යාලයේ දේශගුණ විද්‍යාඥයන් විසින් යුක්රේනයේ යුද්ධයේ සන්දර්භය සම්බන්ධයෙන් කරන ලද සමාලෝචන අධ්‍යයනයකින් තහවුරු කර ඇත.
නේචර් ෆුඩ් සඟරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයට අනුව න්‍යෂ්ටික අවි පුපුරුවා හැරීමෙන් ඇතිවන ගිනි කුණාටු ප්‍රතිඵලයක් ලෙස සූර්යාගේ අවහිර වීම හේතුවෙන් ආහාර නිෂ්පාදනය, දේශගුණික විපර්යාසයන් මෙන්ම මානව ජීවන තත්වයන් පිළිබඳ මෙහිදී අධ්‍යනයට බඳුන්ව ඇත.
පූර්ණ පරිමාණ න්‍යෂ්ටික ගැටුමක් ඇතිවුව හොත් වසර තුනත් හතරත් අතර ගෝලීය සාමාන්‍ය කැලරි නිෂ්පාදනය 90% කින් පමණ පහත වැටෙණු ඇත. බෝග අස්වැන්නේ දැවැන්ත පහත වැටීම හේතුවෙන් වසර දෙකක් ඇතුළත බිලියන ගණනක් ජනයා කුසගින්නෙන් මිය යනු ඇත එය සමස්ත ලෝක ජනගහනයෙන් 75% පමණ වේ. පර්යේෂකයන්ට අනුව, ගෝලීය ආහාර වෙළඳපොළවල්වල කුඩාම අවස්ථාවෙන් පවා මේ මඟින් විනාශව යනු ඇත. මිනිසුන්ට ජීවත් වීමට ප්‍රෝටීන සහ ක්ෂුද්‍ර පෝෂක අවශ්‍ය වන අතර මේවා ද සැලකිය යුතු ලෙස ක්ෂය වීමට හේතුවනු ඇත.
Rutgers හි සහකාර පර්යේෂණ මහාචාර්ය Lili Zia පවසන පරිදි න්‍යෂ්ටික යුද්ධයක් මඟින් දේශගුණික විපර්යාස කෙරෙහි වන බලපෑම එකිනෙකට නොදෙවෙනි බවයි. එනම් ආවර්ත ගෝලය උණුසුම් වීමෙන් ඕසෝන් ස්ථරය විනාශ වී මතුපිටින් වැඩි පාරජම්බුල කිරණ නිපදවීම ආහාර නිෂ්සාදනය කෙරෙහි විශාල බලපෑමක් කරනු ඇත. ආහාර නිෂ්පාදනයට බලපෑම් කළ හැකි පාරජම්බුල කිරණ වැඩි වීම පෙරළා විකිරණශීලී දූෂණයට ද හේතු විය හැක.
න්‍යෂ්ටික යුද්ධයක් කලාපීය වශයෙන් ඇති වුවත් එහි හානිය එම කලාපයට පමණක් බල නොපාන අතර එමඟින්ද ලෝකයේ විශාල ප්‍රදේශයක් සාගතයට ගොදුරු විය හැක.
මෙලෙස අනාවරණය වූ දත්ත මත පදනම්ව මහාචාර්ය ඇලන් රොබෙක් ප්‍රකාශ කර තිබුණේ දත්තයන්ට අනුව න්‍යෂ්ටික යුද්ධය වැළැක්වීම හා සිදු වීමට ඉඩ නොදීම අත්‍යාවශ්‍ය කටයුත්තක් බවයි. න්‍යෂ්ටික අවි තහනම සම්බන්ධයෙන් දිගින් දිගටම කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කර තිබුණේ න්‍යෂ්ටික සමූලඝාතනයෙන් යනු එක් වැරදි ගණනය කිරීමක් වශයෙනි.
සශිකලා මධුෂාණී_