තංගල්ල ප්රදේශයේ ඊයේ (15) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මරණයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ තංගල්ල – කුඩාවැල්ල, නාකුළුගමුව ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකි.
ඔහු තම නිවසේ සිටියදී මෙම වෙඩි ප්රහාරයට ලක්ව ඇති බවත් සඳහන්.
එමෙන්ම දික්වැල්ල ප්රදේශයේ ඊයේ සිදුවූ වෙඩිතැබීමකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.
එම පුද්ගලයා දික්වැල්ල – බෝදරකන්ද ප්රදේශයේ වෙඩි වැදී වැටී සිටියදී හමුවී ඇති බව වාර්තා විය.
RN