*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

13 වැනි සංශෝධනය ගැන තමාගේ ස්ථාවරය විපක්ෂ නායක සජිත් ප්‍රකාශ කරයි (VIDEO)

බොහෝ දෙනෙක් කතා කරන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන එදාත් අදත් හෙට දවසේත් එකම ස්ථාවරය සිටින බවත්, ඒකීය රටක් තුළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය බෙදීම ක්‍රියාත්මක කිරීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවත්, ඒකීය ස්වෛරී රටක්, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත හා දේශපාලන නිදහස ස්ථාපිත රටක් ඇති කිරීමට අරමුණු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටක ඒකීය භාවය සෛරීත්වය සුරක්ෂා වීමට ජාතික සමගිය ජාතික ඒකාග්‍රතාව ජාතික එකමුතුභාවය වැදගත් බවත් සියලුම පුරවැසියන්ට එක හා සමාන සැලකිල්ලකට ලක් කර හැම ජන කොට්ඨාසයකටම ආත්ම අභිමානයේ ගෞරවයෙන් ස්වෝත්සාහයෙන් ස්වශක්තියෙන් ජීවත් විමේ අවස්ථාව උදා කර දෙන බවත් පැවසූ ඒ මහතා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට ලබා දී ඇති විශේෂිත ස්ථානය සුරකින බවත් අනෙකුත් ආගමික හා ජාතීන් කොට්ඨාස සුරක්ෂා වන ආකාරයට කටයුතු කරන බවත් සඳහන් කළේය.

ඒකීය භාවය, සෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, ජාතික ආරක්ෂාව යන සංකල්ප ගැන කතා කරන්න පෙර රට තුළ ඇති බෙදීම නැතිකර දැමිය යුතු බවත් සියලුම ජන සමාජ සියලුම ජන කොට්ඨාස සුරක්ෂිතභාවය ඒකීය භාවය වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ වෙනුවෙන් තමා ද කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ විනය ගරුක සමාජයක් උදෙසා වූ භික්ෂු උපදේශක සභාවේ දෙවැනි අදියර ඊයේ (15) ගාල්ල නගර ශාලාවේ දී පැවති අවස්ථාවේදී ය.

රට තුළ මේ වන විට කතාව වැඩි වී ක්‍රියාව අඩු වී ඇති බවත් පසුගිය දිනක මිහින්තලා පුදබිමේ සිදුවූ විදුලි කප්පාදුව ගැන කණගාටුවට පත් වන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රජය විසින්ම අමු අමුවේම උල්ලංඝනය කිරිමක් බවත් 75 වසරක ඉතිහාසය ගැන කතා කරන විට ඒ ඉතිහාසය පුරාම හිටපු නායකයෝ වැඩ කලේ ආණ්ඩුවේ බලය අරගෙන බවත් විපක්ෂය සිදු කළේ ආණ්ඩු බලය ලබා ගැනීමට කටයුතු කිරීම වුවත් වත්මන් විපක්ෂය විසින් ඒ සියලු දේ වෙනස් කර විපක්ෂයේ සිට තුන් වැනි මාවතක ගමන් කරන බවත් වැඩ කරන මාවත එය බවත් කතා කරන දේ ක්‍රියාවට නංවන මාවත එය බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් මෙහි දි ප්‍රකාශ කළේය.

මිහින්තලේ සිදු කළා මෙන් රටේම තිරසර වැඩසටහනක් දියත් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය බවත් මුළු රටම අපේක්ෂාවෙන් සිටින සිස්ටම් එකේ වෙනස සමගි ජන බලවේගය ඇති කර තිබෙන බවත් හොරකම වංචාව තුරන් කර සත්‍යවාදී ශක්තිමත් දේශයක් ගොඩ ගැනීමට කටයුතු කරන බවත් හොරුන් සමග කිසිදු අවස්ථාවක ගණුදෙනුවක් නොමැති නිසා පසුගිය කාලයේ බලය ලබා ගැනීමට ඉල්ලීම් සිදු කළත් එය නොකළ බවත් ජනතා වරමකින් පමණක් එම බලය ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

කිසිදු අවස්ථාවක අවස්ථාවාදීත්වය මුල් කර ගෙන කටයුතු නොකරන බවත් ඕනෑ තරම් අභියෝග ආවත් කිසිදු අවස්ථාවක ඒ වෙනුවෙන් නොසැලෙන බවත් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් බවත් රටට වැඩක් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් සදහා සූදානම් බවත් ශක්තිමත් ඒක්‍රගතාවක් අනුව යමින් ලොව ප්‍රථමයා බවට අපේ රට පත් කිරීමට යන ගමනට ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අප රටේ විහාරස්ථාන 10089ක් ද දහම්පාසල් 10018ක් ද පිරිවෙන් 820කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් මේ සෑම ආගමික ආයතනයක්ම අනාගතයේ දී ශක්තිමත් ආගමික සංවර්ධන වැඩපිළිවෙළකට යොමු කිරීමට අදහස් කරන බවත් අතීතයේත් වර්තමානයේ දී විවිධ පාලකයන්ගේ හැසිරීම් රටාව තුළ සමගි ජන බලවේගයේ ගමන සම්බන්ධයෙන් පූර්ව නිගමනවලට නොඑළඹෙන ලෙසත් දස රාජ ධර්මය කේන්ද්‍ර කර ගත් ගමනක් සමගි ජන බලවේගය වර්තමානයේත් අනාගතයේත් ඉදිරියට යන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේය.

මේ මොහොත වන විටත් කට වචනයට සීමා නොවී සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සෑම ආගමික සිද්ධස්ථානයක් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමාජ සේවා, ආගමික හා දේශපාලන ගමනක් යන බලවේගයක් ලෙස ඉතිහාසයෙන් ගත යුතු ධනාත්මක පාඩම් ගෙන ඉවත් කළ යුතු සෘණාත්මක කරුණු හොඳින් අවබෝධ කර ගෙන ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ අවවාද උපදෙස් අදහස් යෝජනා ලබා ගෙන උපරිම ආකාරයෙන් නිවැරදි ගමනක් යන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සෑම විහාරස්ථානයකටම මෙන්ම ආගමික සිද්ධානයකටම සංවර්ධන අරමුදලක් ඇති කරන බවත් ගමේ නගරයේ පිහිටා ඇති ආගමික සිද්ධස්ථානයෙන් සිදු කරන දහම් පණිවිඩය ජන සමාජයේ විනයගරුක භාවය ශීලාචාරාත්වය ශිෂ්ටසම්පන්න භාවය ව්‍යාප්ත කර දැහැමි ප්‍රශස්ත ප්‍රබුද්ධ පුරවැසි පරපුරක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

ගමේ දහම්පාසල, පිරිවෙන ආදී ස්ථාන ශක්තිමත් කරන බවත් විශේෂයෙන් ම මේ වන විට සෑම විෂයක් කේන්ද්‍ර කර ගෙන ස්ථාපිත කර ඇති ප්‍රතිපත්ති කමිටුව තුළින් සෑම විෂයක් පිළිබද නූතනවාදී දැක්මක් තුළින් ප්‍රතිපත්ති මාලාව සකස් කරන්න කටයුතු කරන බවත් පන්සලේ දහම් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න ජාතික වැඩපිළිවෙළක් දියත් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා විහාරස්ථාන හා ආගමික සිද්ධස්ථාන මුහුණ දෙන විදුලි ජල ගැටලු වැනි විවිධ ගැටලුවලට තිරසර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan