*
Wednesday, May 21, 2025
spot_img

Latest Posts

පොල්තෙල් වල ප්‍රමිතිය බලන්න ක්‍රමයක් හදන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි

කොළඹ LNW: දේශීයව නිෂ්පාදනය කරන පොල්තෙල් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

එම සංවිධානය වෙනුවෙන් එහි සභාපති රංජිත් විතානගේ මහතා අවධාරණය කරන්නේ සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී වුවද ප්‍රමිතිය සොයා බලද්දී මිනිස් පරිභෝජනය සදහා පොල් තෙල් නිෂ්පාදනය කිරීමේදී එහි ප්‍රමිතිය පිළිබදව සොයා බැලීමට කටයුතු නොකිරීම පාරිභෝගික අයිතිය කඩකිරීමක් බවයි.

ශ්‍රී ලංකාවේ පොල්තෙල් අවශ්‍යතාවයෙන් 10% ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ රට තුළ වන අතර එම පොල්තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නිෂ්පාදන ආයතන හා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් විසින් වන බව හෙතෙම කියාසිටියි.

එසේ නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය පිළිබදව කිසිදු සොයා බැලීමක් සිදු නොකරන බවත් එහි ඉතාම බරපතල තත්වයක් වන්නේ පොල්තෙල් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී මිනිස් ශරීරයට අහිතකර ඇෆ්ලටොක්සීන් (Aflatoxin) සහ වෙනත් අහිතකර සංඝටක පොල්තෙල්වල අඩංගුවිය හැකි නිසා බවද විතානගේ මහතා පවසයි.

‘සාමාන්‍යයෙන් ආහාර නිෂ්පාදනය කිරීමේදී එහි ප්‍රමිතිය පිළිබදව පරීක්ෂා කිරීම අනිවාර්යෙන්ම සිදු කරනු ලබන ක්‍රියාවලියකි. ප්‍රමිති පරීක්ෂාවකින් තොරව කිසිදු ආහාරයක් රටතුළට ආනයනය කිරීමට නොහැකි වන සේ නීති සෑදීමට ලෝකයේ සෑම රටක්ම කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවද මෙරටට ආනයනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය අවස්ථා කිහිපයකදී පරීක්ෂා කරනු ලබයි. එසේ තිබියදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය සොයා නොබැලීම මෙරට පොල්තෙල් පාරිභෝගිකයින්ට කරනු ලබන දැඩි අසාධාරණයකි. සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේදී වුවද ප්‍රමිතිය සොයා බලද්දී මිනිස් පරිභෝජනය සදහා පොල් තෙල් නිෂ්පාදනය කිරීමේදී එහි ප්‍රමිතිය පිළිබදව සොයා බැලීමට කටයුතු නොකිරීම පාරිභෝගික අයිතිය කඩකිරීමකි.”

එම නිසා රජයෙන් හා වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින්නේ දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා නිසි ක්‍රමවේදයක් සකසන ලෙස යැයි හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan