ලංකාව කියන දූපතට යම් වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකම තියෙන්නේ ලංකාව ආසියාවේ දැවැන්ත රාජ්‍යයක් හා වර්තමානයේ දැවැන්තම වෙළඳපොල වූ ඉන්දියාව ආසන්නයේ පිහිටීම නිසා පමණය.
දාහත්වන හා දහ අටවන සියවස්වල බටහිර ජාතීන් ආසියාවට ආවේ ඉන්දියාව ඉලක්ක කරගෙන මිසක් ලංකාව දිහා බලාගෙන නෙමේ.. ඉන්දියාව හොයාගෙන ආපු බටහිර ආක්‍රමණිකයන්ට එදා නිරීක්ෂණය උනා ඉන්දියාවට අදාල මුරපොලක් හා සමාන ඉන්දියාවට යටින් තියෙන ලංකාව නැමති කුඩා දූපත. එතනදී ඔවුන් හඳුනාගත්තා මහා ඉන්දියාව ඔවුන්ගේ අතේ තියෙද්දි ඒක යට තියෙන කුඩා දූපත ඔවුන්ගේ ප්‍රතිවාදියෙක්ගේ අතට පත් උනොත් ඒක ඉන්දියානු මහ යටත්විජිතයේ ආරක්ෂාවට තර්ජනයක් බව. ඒ නිසාඉන්දියාවට ආපු හැම ආක්‍රමණිකයෙක්ම ලංකාවත් ඒ සමඟම අල්ලා ගත්තා..
ඒ අනුව ලංකාව දූපතක් විදියට ආර්ථික හා දේශපාලන වශයෙන් වැදගත් වෙන්නේ එහි ඉන්දියාව ආසන්න පිහිටීම නිසා මිස එහි ඇතුලේ තියෙන දේවල් නිසා නොවේ..
දැනටත් ඉන්දියාවට ලංකාව වැදගත් දූපතක් වන්නේ චීනය වැනි ඔවුන්ගේ ප්‍රතිවාදියෙකුගේ නිරීක්ෂණ මධ්‍යස්තානයක් ලෙස ලංකාව පාවිච්චි වීමට ඇති අවදානම නිසයි. ඒ ඇරෙන්ට මේ දූපතෙන් ලොකුවට ලබාගන්ට පුළුවන් ඉලව්වුවක් ඉන්දියාවට නැත..
ලංකාව ඇත්තේ ඕනෑම මොහොතක කිසිදු බාදාවකින් තොරව ඉන්දියානු පාලකයන්ට අල්ලාගත හැකි සන්දර්භයක් තුලය.. එය එසේ නොවන්නේ ඉන්දියානු දේශපාලන ආකෘතියේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී ගතිකය නිසාය.. චීනය විසින් තායිවානය ආක්‍රමණය කල කිසිදු අවස්තාවක එක්සත් ජාතීන්ගේ හමුදවන් එය වැලක්වූයේ නැත..
87 දී ලංකාවට ඇතුළුවූ ඉන්දියන් ප්‍රහාරක යානාවන් විසින් යාපනයට ගුවනින් පරිප්පු දැමූ මොහොතේ ජේ.ආර්. ජයවර්ධන ඒ ගැන ඇමෙරිකාව සමඟ සාකච්චා කල විට ඇමෙරිකානු පාලකයන් විසින් අමෙරිකන් හිතවාදියෙකුමවූ ජේ.ආර්. ජයවර්ධනට පවසා තිබුනේ පරිප්පු සිද්දිය ලංකාව ඉන්දියාව සමඟ සාකච්චාකර බේරාගතයුතු කලාපීය ප්‍රශ්නයක් බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට මැදිහත්විය නොහැකි බවත් ය.. ඇත්තෙන්ම බටහිර නායකයන් ඔවුන්ගේ ආසියානු නියෝජිතයාවූ සහ ආසියාවේ දැවැන්තම වෙළඳපොල හිමි මහා ඉන්දියාව සමඟ ලංකාව වැනි ඔවුන්ට නොවැදගත් දූපතක් නිසා අමනාපකමක් ඇතිකර ගන්නේ කරගන්නේ නැත..
පසුගිය වර්ශයේ ලාංකීය ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඇදවැටෙමින් තිබූ මොහොතක චීනය ඇතුළු ලෝකයේ සියළු රටවල් ලංකාව අත හැර දමා තිබූ අවස්තාවක ඩොලර් බිලියන හතරක් ලබාදී ලංකාව තවත් ඓතිහාසික ටැන්සානියාවක් නොවීමට අදාලව කටයුතු කලේ ඉන්දියාවයි.. එයටද හේතුව දැවැන්ත ඉන්දියාවේ කකුල් දෙක යට ඇති මේ කුඩා දූපතේ නිර්මාණය වන අරාජිකත්වය දඩමීමා කරගෙන චීනය වැනි ඒකාධිපතියෙක් ලංකාව ඩැහැගත්තොත් ඒ තුලින් ඉන්දියාවට එල්ලවන බලපෑම ඉන්දියානු නායකයන් හොඳින් දන්නා නිසාය..ඒ හැර ඉන්දියානු නායකයන්ට ලංකාවේ බංකොලොත් කනවැන්දුමකට කර ගසා ලැබෙන පාඩුවක් මිස කිසිදු ලාබයක් නම් නැත..
අනෙක් පැත්තෙන් සැබැවින්ම ගත් කල කලින් සිටම පැවති ලාංකීය ඉන්දියන් විරෝධය යනු සිංහල බෞද්ධ ජාතිකවාදය තුල තිබූ දෙමළ විරෝධයේම දිගුවකි..
පසුගිය සමයේ ගෝඨාබය දිනවූ ජාතිවාදී රැල්ල විසින් තාප්පවල සිතුවම් කල ඉන්දියාවට එරෙහිව යුද්ධ ප්‍රයානවල යෙදුනායැයි ප්‍රබන්ධ කළ රාවනාගේ සිතුවම් තුලින් හා ඉන්දියාවෙන් පැමිනි අතීත ඉන්දියානුවන්ට එරෙහි යුද්ධවල නියැලී වීර නරපතියන් වූවා යැයි කියවෙන ගැමුණු, ගජබා, විජයබා වැනි රජවරුන්ගේ චිත්‍ර තුලින්ද මේ ඉන්දියන් විරෝධයේ වර්ගවාදී මූලය පැහැදිලි කරගත හැක..
දකුණේ සිංහල සමාජය විසින් මුලසිටම නොතකා හැර තිබූ උතුරේ ආන්තික ප්‍රජාවට දහතුන්වැනි ව්‍යවස්තා සංශෝධනය හරහා දේශපාලන විසඳුමක්දීමට මුල් වරට මැදිහත් උනේ ඉන්දියාවයි..මුලදී එයට විරුද්ධවූ බොහෝ පාර්ශව දැන් දැන් එය යහපත් දේශපාලන මැදිහත් වීමක් බව් පිලිගනිමින් සිටී..එසේම දැන් පවා උතුරේ මිනිසුන් සම්බන්ද ඉන්දියානු මැදිහත්වීම නරක නැත..
ඇත්තෙන්ම මෙහිදී ස්වකීය දේශපාලන භාවිතාවම නූල් බෝලයක් සේ පටලවා ගත් සහ කරදිය වලල්ලෙන් එපිට මෙලෝ අලබෝලයක් නොදන්නා ලංකාව ගලවාගන්නවා තබා තමන්ගේ ඇණේවත් ගලවා ගත නොහැකි මෙතුමන්ලාගේ මේ නඩලංවලට අනුකම්පා කරනු විනා අපට වෙන කල හැකි කිසිවක් නැත..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN