‘අධිරාජ්‍යවාදීන් කුඩුපට්ටම් කරන්න’ කිම් හා පුටින් ලිපි හුවමාරු කරගනී

Date:

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද්වී පාර්ශවිය දිගුකාලීන උපායමාර්ගික සබඳතාවයක් වර්ධනය කරගැනීමේ අරමුණින් ලිපි හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.

1910-45 ජපන් යටත් විජිත පාලනයෙන් කොරියාව නිදහස් වීමේ 78 වැනි සංවත්සරය පසුගිය අගහරුවදා දිනට යෙදී තිබීම සමරමින් රාජ්‍ය නායකයන් දෙදෙනා මෙලෙස ලිපි හුවමාරු කරගෙන ඇතැයි KCNA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

මෙහිදී උතුරු කොරියානු නායක කිම් ප්‍රකාශ කර තිබුනේ, ජපානයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමග දෙරටෙහි මිත්‍රත්වය ආරම්භ වූ බවත්, මේවන විට උතුරු කොරියාව හා රුසියාව අධිරාජ්‍යවාදීන්ගේ අත්තනෝමතික භාවිතයන් සහ ආධිපත්‍යය බිඳ දැමීමේ අරගලයේ දී ඔවුන්ගේ අනභිභවනීයත්වය සහ ශක්තිය මුළුමනින්ම ප්‍රදර්ශනය කරමින් සිටින බවත්, මිත්‍රත්වය සහ සහයෝගීතාවය දීර්ඝ කාලීන උපාය මාර්ගික සබඳතාවයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බවත්ය.

රුසියානු ජනාධිපති පුටින් විසින් උතුරු කොරියානු ජනාධිපතිවරයා වෙත සිය පණිවිඩයේ සදහන්කර තිබුණේ දෙරටේ යහපැවැත්ම සහ කොරියානු අර්ධද්වීපයේ සහ සමස්ත ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා අපි සෑම ක්ෂේත්‍රයකම ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කරන බවයි.

යුක්රේනයේ යුද්ධය සඳහා උතුරු කොරියාව විසින් රුසියාවට කාලතුවක්කු උණ්ඩ, රොකට් සහ මිසයිල ඇතුළු ආයුධ සපයන බවට එක්සත් ජනපදය දිගින් දිගටම චෝදනා කරන අතර උතුරු කොරියාව හා රුසියාව විසින් එම ආයුධ ගනුදෙනු ප්‍රතික්ෂේප කර ඇත.

සශිකලා මධුෂාණි_Outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...