සයිනොපෙක් ඉන්ධන මෙහෙයුම් සහ මිල ගැන ප්‍රකාශයක්

Date:

සයිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වනදා සිට තමන්ගේ සන්නාමය යටතේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

“SINOPEC ආයතනය දන්වලා තියෙනවා, අද උදෑසන වන විට ඔවුන්ගේ තියෙන බෙදුම්කරුවන් 150 න් 109 ක් එක්ක ගිවිසුම්ගත වෙලා අවසන් කියලා. අද හවස අවසන් වෙන කොට මම හිතනවා 115ක් විතර වෙයි. ලබන සතිය වෙනකොට 150 ම අවසන් කරන්න තමයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ.

ඔවුන් අපිට දැනට දැනුවත් කරලා තියෙනවා, සැප්තැම්බර් 20 ඔවුන් සියලුම බෙදුම්කරුවන් එක්ක ඔවුන්ගේ සන්නාමය යටතේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න තමයි දින වකවානු වෙන්කරගෙන තියෙන්නේ කියලා”

එසේම දැනට වෙළෙඳපොළේ ඉන්ධන අලෙවිකරන උපරිම මිලට වඩා අඩු මිලකට ඉන්ධන අලෙවි කිරීමට එම සමාගමට අවසර දී ඇති බවද අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...