ට්‍රම්ප්ට එරෙහි ජෝර්ජියා අධිචෝදනාව නිසා අලුතින් ඇතිවන ප්‍රශ්න

ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනධිපති ඩොල්ඩ් ට්‍රම්ප්ගේ සිව්වන අපරාධ චෝදනාව වන ජෝර්ජියා අධිචෝදනාව හේතුවෙන් එක්සත් ජනපදයේ දේශපාලන භූ දර්ශනය වටා නව ප්‍රශ්න මතු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් සහ හිටපු මාණ්ඩලික ප්‍රධානී මාර්ක් මෙඩෝස් සහ පුද්ගලික නීතීඥ රූඩි ජුලියානි ඇතුළු නීතිඥයින් 18 දෙනෙකු සහ අනෙකුත් සහායකයින් පිරිසක් විසින් 2020 මැතිවරනය පෙරලා දැමීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධව මෙම අධිචෝදනව ගොනුකෙරේ.

ඒ අනුව මෙම නඩුව යටතේ රාජ්‍ය නිලධාරීන්ට සහ ව්‍යවස්ථාදායකයන්ට බොරු කීම, මැතිවරණ සේවකයින්ට හිරිහැර කිරීම, ඡන්ද යන්ත්‍ර කඩ කිරීම හා ඔවුන්ගේ නීතිවිරෝධී ක්‍රියාවන් වසන් කිරීමට උත්සාහ කිරීම යන චෝදනාවන් ප්‍රම්ප් ප්‍රමුඛ පිරිසට එරෙහිව එල්ල වේ. මෙම නඩුව මෙහෙයවන ෆුල්ටන් ප්‍රාන්ත දිස්ත්‍රික් නීතිඥ ෆානි විලිස් ට්‍රම්ප් සහ ඔහුගේ සහචරයින්ට රාජ්‍ය ජාවාරම් කිරීමේ නීතියක් යටතේ චෝදනා කර ඇති අතර එය RICO නීතිය ලෙස හැඳින්වේ. මෙම නීතිය සාමාන්‍යයෙන් සංවිධානාත්මක අපරාධ සහ දූෂණ නඩු පැවරීමට යොදා ගනී.

ට්‍රම්ප්ට එරෙහිව පවතින අනිකුත් නඩු වලට සාපේක්ෂව ජෝර්ජියා නඩුව කැපී පෙනෙන්නට ප්‍රධාන හේතුව නම්, ජෝර්ජියා ජාවාරම් නීතිය වසර පහක අවම සිර දඬුවමකට ලක්වීමයි.එනම්, ට්‍රම්ප් වැරදිකරු වුවහොත් සිරගතව සිටීමට සිදුවනු ඇත. ඒ අනුව, මෙම අධිචෝදනාව හේතුවෙන් ට්‍රම්ප් වෙනත් ඕනෑම චෝදනාවකට වඩා අවදානමට ලක්විය හැකිය.

ජෝර්ජියාවේ අධිචෝදනා පත්‍රය දේශපාලනික විචාරකයන් පෙන්වා දෙන්නේ පක්ෂග්‍රාහී දේශපාලන ප්‍රභූන් විසින් ට්‍රම්ප් ඉලක්කරගෙන සිටින බව තහවුරු වන බවයි. එය ඔහුගේ ආධාරකරුවන් විසින් ද බොහෝ දුරට වැලඳගත් මතයක් වන අතර, කුමන චෝදනාවන් පැවතියද 2024 ජනාධිපතිවරණය පිලිබදව FiveThirtyEight විසින් කරන ලද දත්ත විග්‍රහයට අනුව ට්‍රම්ප්ගේ සමීපතම අභියෝගකරු වන ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස්ට වඩා ඔහු ප්‍රතිශත ලකුණු 38කින් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

සශිකලා මධුෂාණි_Outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...