මලල ක්‍රීඩාව වීසා ගැට්ටෙන් පනියි

Date:

මෙවර ලෝක මලල ක්‍රීඩා සූරතාවලිය හංගේරියාවේ බුඩාපේස්ට් හී දි අගෝස්තු 19 වන දා ආරම්භ වන අතර ඊට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාම සදහා 17 වන දා දක්වා බලා සිටින්නට සිඳු වෙයි.සමහර වාර්තාවලින් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයින්ට වීසා ලබා නොදුන් බව වුව ද,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දන්වා සිටින්නේ එවැනි තත්ත්වයක් ඇති නොවූ බවය.නමුත් අද රටේ සමස්ත තත්ත්වය සළකද්දී ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවට සළකන ආකාරය සම්බන්ධයෙන් යම් බිඳ වැටීමක් තිබෙන බවද එම පැහැදිළි කිරීම් තුළ දකින්නට ලැබෙයි.


එම පැහිදිළි කිරීමවලදී පෙන්වා දෙන්නේ සුදුසුකම් ලැබීමේ අවසන් දිනය නිමා වන විට එම පරිසාධන මට්ටම් තුළ සිටියේ සිටියේ යුපුන් අබේකෝන් සහ මීටර් 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම පමණක් බවය.නමුත් ජූලි 28 වන දා තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ස දහා ද අවසර ලබා ගැනීමට අවශ්‍යය ලේඛණ ජාත්‍යන්තරයට යොමු කිරීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කර ඇත.


ඒ අනුව ඉදිරි වැඩ කටයුතු සඳහා පූර්ව සූදානමක් සහිතව සිටි මලල ක්‍රීඩා සංගමයට වෙනදාට ඇති නොවන තත්ත්වයන් ගණනාවක් මෙම වීසා අනුමැතිය ලබා ගැනීමේදී පසු කරන්නට සිඳු වි ඇත.නමුත් සමස්ත සමාජය ගැන අවබෝධයක් තිබුණ නිසා ඔවුන් ඒ සඳහා අවශ්‍යය කටයුතු සම්පාදනය කරගෙන සිටිය බැවින් එම අභියෝග පහසුවෙන් පසු කරගෙන යන්නට හැකි වී ඇත.නමුත් අගෝස්තු 15 දා පිටත්ව යාමට නොහැකි තත්ත්වයක් පැන නැඟෙක බව දැණුන නිසා එම ගමන අවලංගු කර දිනය අගෝස්තු 17 වන දාට යොදා ගන්නට කටයුතු කර ඇත.
තරගාවලිය 19 වන දින ආරම්භ වේ.එම කණ්ඩායමේ සමූහ ඡායාරූපයක් මේ සමඟ දැක්වේ.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...