“රණබිමක පන්හිඳ” රස විඳින්නට ඇරයුම්!

Date:

කොළඹ (LNW): ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක රත්නපාල ගමගේ මහතා විසින් රචිත රණබිම මතින් නැගුණු කතාංග පදනම් කරගෙන නිර්මාණය වුණු “රණබිමක පන්හිඳ” ඉකුත් වසරෙහි ජනතාව අතරට පත් වුණු අග්‍රගන්‍යයේ පුස්තකයකි.

තිස් වසරක ඒ කුරිරු යුධ සමයෙහි එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් දෙස්-විදෙස් මාධ්‍ය ඉදිරියට පැමිණීමත්, එහිදී මාධ්‍යවේදීන් සහ ප්‍රභාකරන් අතර ඇති වූ සංවාද / ප්‍රශ්න කිරීම් ඇතුළත් වූ පළමු ග්‍රන්ථය ද වන්නේ රත්නපාල ගමගේ මහතාගේ මෙම ග්‍රන්ථයයි.

තම මාධ්‍යවේදී අත්දැකීම් පාදක කරගනිමින් මොහු මෙම ග්‍රන්ථයට මනා සාධාරණීකරනයක් කර ඇති අතර එහි පසුවදන ප්‍රවීණ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් විසින් සටහනක් තබා මෙසේ මුල පිරීමක් සඳහන් කරයි.

මාගේ සහෝදර ප්‍රවීණ සිංහල මාධ්‍යවේදී රත්නපාල ගමගේ දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී යුද්ධයේ දී නොබියව තම ජීවිතය පරදුවට තබා පෙරමුණේ සිට යුද්ධය ආවරණය කළේය………………..

ඉන් පමණක් නොව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා ද රත්නපාලයන් ගැන හරි අපූරුවට විග්‍රහයක් කරමින් කියා සිටින්නේ යුද්ධය වැනි සංකීර්ණ දෙයක් වාර්තා කිරීමම ලේසි පහසු කටයුත්තක් නොවන බවයි.

ඔහුගේ මාධ්‍යවේදී ජීවිතය අභියෝග මැදින් ගලාගෙන යාමට ඉඩ හැර ඔහු එම අත්දැකීම් හරි ලස්සනට මෙලෙස පොතකට ඔබා තිබීමත් ඔහුගේ මනා දක්ෂතාවයකි.

ඉතින් පුරසාරම් නොදොඩා අපි මෙහෙම කියමු! ඔහුගේ ග්‍රන්ථය රැඟෙන ඔබත් එහි ගැබ් වී ඇති අපි නොදත් ඔබ නොදත් කතාව කුමක් ද යැයි දැන ගැනීමට එකතු වෙමු!

එමෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදී රත්නපාල ගමගේ මහතා අප මාධ්‍ය ආයතනය වන ලංකා නිවුස් වෙබ් හි දිගුකාලීන හිතවතකු මෙන්ම ලිපිවලින් දායක වූ මාධ්‍ය සගයෙකි.

නවිඳු ප්‍රකාශනයක් වන “රණබිමක පන්හිඳ” විජිත යාපා සහ සරසවි පොත්හල්වලින් මිලදී ගැනීමේ හැකියාව ඇත.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහටත් මහ ගංවතුර අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධික වර්ෂාපනතය සමග දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල,...

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (28) අලුයම 04.00 ට නිකුත් කළ විශේෂ තත්ව වාර්තාව

සටහන - රුවන් නෙළුගොල්ල දිස්ත්‍රික්ක 4ක දැනට පවතින නායයෑම් තත්වයන්...

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...