ධනය නිර්මාණය කරගත හැකි ආර්ථිකයක් හදනවා – කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂක දිලිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සියලු දෙනාටම ධනය නිර්මාණය කරගැනීමට හැකි රටක් බිහිකිරීම තම අරමුණ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

“අපට අවශ්‍යයයි සාම්ප්‍රදායික රැකියා, ඒ වගේම සුබසාධන ක්‍රමයෙන් ඔබ්බට ගියපු, සියලු දෙනාටම ධනය නිර්මාණය කරගන්නට පුළුවන් පරිසරයක් හදන්න. ඒ පරිසරය හදන්නට තමයි අපි කියන්නෙ මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් වන්නට ඕනෙ. අනෙකුත් කිසිම අපේක්ෂකයෙක් මේ වනවිට එහෙම තර්කානුකූල වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නෑ. ඔවුන් අර සම්ප්‍රදායික ප්‍රතිපත්තිම කියමින් ඉන්නවා. අපට අවශ්‍ය අලුත් දෙයක් කරලා, ඒ තුළ නිර්මාණශීලීව, ඉතාම ක්ෂුද්‍ර ව්‍යවසායකයාගේ සිට විශාලතම ව්‍යවසායකයා දක්වා ඒ වගේම ඉතාම කුඩා දුප්පත්ම දුප්පත් පවුලේ සිට විශාලතම ධනවත්ම පුද්ගලයා දක්වා කොහොමද මේ ධනය නිර්මාණය කරගන්නෙ රටක් හැටියට, එයින් කොහොමද මේ රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නෙ කියන එක තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නෙ. මං හිතනවා එය ආකර්ෂණීය වෙයි සියලුම ශ්‍රී ලාංකිකයින්ට”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේදී සර්ව ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් මිලියන ගණනක් මෙවර ඡන්දය වර්ජනය කිරීමට සැරසේ ?

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ තම...

මහබැංකු අධිපතිගේ නිවාස දෙකක් ගැන විමල්ගෙන් චෝදනා !

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට අයත් දික්වැල්ලේ සහ කොළඹ...

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...