අනුර අද තංගල්ලෙන් වැඩ අල්ලයි. පළමු දවසේම දැවැන්ත ජන රැලි තුනක් !

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය අද (17) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ඒ මහතාගේ මංගල ජනරැලිය අද (17) පස්වරු 04.00 ට තංගල්ලේදී ආරම්භ වීමට නියමිතය.

එමෙන්ම අද දිනයේදී තවත් ජන රැලි දෙකක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත.

ඒ, පස්වරු 05.00 ට මාතරදී සහ පස්වරු 06.00 ට ගාල්ලේදී වශයෙනි.

“රට අනුරට – රුහුණ පෙරට” මැයෙන් පැවැත්වෙන මෙම ජන රැලි සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විධායක සභිකයින් සහ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...