ඉන්දියාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය අඛණ්ඩවම; රෝහල්වල කටයුතු ඇනහිටියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ වෛද්‍යවරියක් අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් හා දුෂකයන්ටා දැඩි දඬුවම් ලබා දෙනමෙන් එරට වෛද්‍ය වෘත්තිකයන් ඇරඹි වර්ජනය පැය 24 ක වසා දැමීමක් ආරම්භ කිරීමත් සමඟ ඉන්දියාව පුරා රෝහල්වල කටයුතු සහ සායන ඇණහිට ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ මිලියනයකට අධික වෛද්‍යවරුන් වර්ජනයට එක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර කොල්කටා ඇතුළු බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනර්ජි, විමර්ශනය කඩිනම් කරන ලෙසත් වැරදිකරුවන්ට හැකි උපරිමයෙන් දඬුවම් කරන ලෙසත් බලකරමින් ප්‍රාන්තය පුරා පැවති විරෝධතාවලට සහය දක්වා ඇත.

උත්තර් ප්‍රදේශ්හි ලක්නව්, ගුජරාටයේ අහමදාබාද්, ඇසෑම් හි ගුවහාටි සහ තමිල්නාඩුවේ චෙන්නායි සහ අනෙකුත් නගරවල රෝහල් සහ සායන වර්ජනයට සම්බන්ධවනු ඇති අතර ළමා රෝග විශේෂඥ වෛද්‍ය සන්දිප් සාහා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, හදිසි අවස්ථාවන් හැර ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර නොකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වාහන ලියාපදිංචියේදී හා පැවරීමේදී TIN අංකය අනිවාර්යයයි

සටහන - රුවන් නෙළුගොල්ල වාහන ලියාපදිංචි කිරීමේදී හා අයිතිය පැවරීමේදී...

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...