ඉන්දියාවේ වෛද්‍ය වෘත්තිකයන්ගේ වර්ජනය අඛණ්ඩවම; රෝහල්වල කටයුතු ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාවේ නැගෙනහිර කොල්කටා නගරයේ වෛද්‍යවරියක් අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් හා දුෂකයන්ටා දැඩි දඬුවම් ලබා දෙනමෙන් එරට වෛද්‍ය වෘත්තිකයන් ඇරඹි වර්ජනය පැය 24 ක වසා දැමීමක් ආරම්භ කිරීමත් සමඟ ඉන්දියාව පුරා රෝහල්වල කටයුතු සහ සායන ඇණහිට ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉදිරි පැය 24 තුළ මිලියනයකට අධික වෛද්‍යවරුන් වර්ජනයට එක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර කොල්කටා ඇතුළු බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනර්ජි, විමර්ශනය කඩිනම් කරන ලෙසත් වැරදිකරුවන්ට හැකි උපරිමයෙන් දඬුවම් කරන ලෙසත් බලකරමින් ප්‍රාන්තය පුරා පැවති විරෝධතාවලට සහය දක්වා ඇත.

උත්තර් ප්‍රදේශ්හි ලක්නව්, ගුජරාටයේ අහමදාබාද්, ඇසෑම් හි ගුවහාටි සහ තමිල්නාඩුවේ චෙන්නායි සහ අනෙකුත් නගරවල රෝහල් සහ සායන වර්ජනයට සම්බන්ධවනු ඇති අතර ළමා රෝග විශේෂඥ වෛද්‍ය සන්දිප් සාහා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, හදිසි අවස්ථාවන් හැර ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර නොකරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...