*
Friday, October 25, 2024
spot_img

Latest Posts

ගෞරව ගෙනා ක්‍රීඩකයන්ගේ ප්‍රවාහනය සම්බන්ධ ඇමති තීරණය මාධ්‍ය ආයතනවලටත් ආදර්ශයක්

රටට ගෞරවයක් ගෙනා ක්‍රීඩකයෙක් ඒ සම්බන්ධයෙන් වන හමුවකට ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණීමේදී අමාත්‍යංශයෙන් වාහනයක් ලබා දීමට කටයුතු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා,ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.ඒ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනූ නෙත්මි අහිංසා සහ ඇයගේ පුහුණුකරු ක්‍රීඩා අමාත්‍යංශයේදී හමු වූ අවස්ථාවේදී ඔවුන් පෞද්ගලික වියදමින් වාහනයක් කුලියට ගෙන පැමිණ තිබෙන බව දැන ගැනීමෙන් පසුවයි.
එවැනි ක්‍රියාවන් සඳහා තමන් කිසිඳු පැකිලීමකින් තොරව අනුමැතිය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා එවැනි යහපත් ක්‍රියා සිදුකර ඉදිරියේදී බන්ධනාගාර ගතවූවත් හෘදසාක්ෂිය අනුව වැඩ කටයුතු කිරීම තමාට සතුටට කරුණක් බවත් පවා සිටියා.
ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ඔවුන් මුහුණපාන දුෂ්කරතාවයට හොඳම උදහරණයක් අමාත්‍යවරයා සහභාගි වූ උත්සවයකට පැමිණෙන්නට කොළඹ පැමිණි නෙත්මිට වූ දෙයකින්ම පැහැදිළි වෙනවා. නෙත්මි වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපයූ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් වර්ථමාන අමාත්‍යවරයාගේත් පේද්ගලික කාරය මණ්ඩලයට සම්බන්ධ අයෙක්ගේ උපකාරයද ඇතිව නෙත්මි රැගෙන ගොස් තිබුණේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මුණ ගැසෙන්නටයි.කිසිවක් නොදැන එහි ගිය ඔවුන් පසුව එම ප්‍රවෘත්තිය නිසා දැඩි අපහසුතාවයන්ට පත් වූ අතර එය සිඳුවන්නේ ඔවුන්ට විවිධ අවස්ථා සඳහා දිනපතාම කොළඹින් ලැබෙන ඇරයුම් නිසයි.
ක්‍රිඩා අමාත්‍යවරයා හමුවීමට මෙන්ම මේ දිනවල ගුවන් විදුලි සහ රපවාහිනි සාකච්ඡා සඳහා ලැබෙන ඇරයුම් නිසා ද නෙත්මි අහිංසා සහ ඇයගේ පුහුණුකරු බරපතල අර්බූදයකට මුහුණ දී සිටින බව අප එහි ගිය විට දී දැක ගන්නට ලැබුණා. අප නෙත්මිව මුණ ගැසෙන්නට ගිය දිනයේ එදින රාත්‍රියේ පැවත්වෙන රූපවාහිනි සජීවී වැඩ සටහනකට සහභාගි විමට කුලී රථයක් සොයා ගැනීම සඳහා ඔවුන් දැඩි වෙහෙසක් දරන බව අපට හැඟී ගියා.ඔවුන් ඉතාමත් රහසිගතව ඒ සඳහා උත්සාහ කරමින් සිටියත්,ඒමොහොතේ එම උත්සාහය පසුව මුදල් පියවිම සඳහා වාහනයක් සොයා ගැනීම බව අපට හැඟී ගියා.
රටේ පුරවැසියන් හැම මාධ්‍යයකම සිටින අතර ඒ හැම පුරවැසියෙක්ටම නෙත්මිගේ ජයග්‍රහණයෙන් ආඩම්බරයක් ගෞරවයක් එකතු වූ බව අප පිළිගත යුතු වෙනවා.එවැනි අවස්ථාවක රටේ තියෙන සියලු විද්‍යුත් මාධ්‍ය ආයතනවල උවමනාව වෙනුවෙන් ඔවුන් කොළඹ කැඳවා ගන්නේ ඔවුන්ට පුහුණුවට ලැබෙන අනුග්‍රාහක මුදලටද තට්ටු කරමින් බැවින් සෑම මාධ්‍ය ආයතනයක්මත් ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය ආදර්ශයට ගන්නේනම් වැදගත්.ණය වි වෙහෙස වී රටට පදක්කම් ගෙනා ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවකට ඒ බව කියන්නත් ණය වී කොළඹ වරෙන් කීම මාධ්‍ය ආයතනයකට සුදුසු වන්නේ නැහැ.
එසේම නෙත්මිටත් ඇයගේ පුහුණුකරුටත් කොළඹට පැමිණි විට නවාතැන් ගැනීමට කොළඹ සුගතදාස හෝටලය වැනි ස්ථානයක් නොමිලේ වෙන් කර දීම ගැනත් අමාත්‍යංශයේ අවධානය යොමු වේ නම් වටිනවා.එසේම ටොරිංටන් නේවාසිකාගාරයද ප්‍රයෝජනයට ගත් හැකි අතර එහි ඇතැම් කොටස් ආයතන නිලධාරීන්ට වෙන් කර තිබෙනවා. වරක් ඒ සඳහා නිලධාරියෙක් හේතුව ලෙස පෙන්වා දුන්නේ කාර්යක්ෂමතාවය ආරක්ෂා කිරීමට එම තීරණය ගෙන ඇති බවයි.එම කාර්යක්ෂමතාවය ගැන පැහැදිළි උදාහරණ පසුගිය අවස්ථාවන්හි දකින්නට ලැබුණු අතර ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට යාමට නියමිතව සිටි ක්‍රීඩා කණ්ඩායම එහි නීරසම අත්දැකීමට මුහුණ දුන්නා.එසේම නෙත්මි සම්බන්ධයෙන් වන ප්‍රවාහන ගැටළුවට මේ රටේ වාහන සම්බන්ධ ව්‍යාපාරිකයන්ට ච යම් මැදිහත්වීමක් කළ හැකි වන අතර මනූෂ නානායක්කාර අමාත්‍යවරයා විදුලි වාහන සම්බන්ධයෙන් පැවසූ සහනය නෙත්මි වෙනුවෙන් විශේෂ අවස්ථාවක් සේ සළකා දිය හැකිනම් පරිත්‍යාගශීලි අයෙකුට විදුලි වාහනයක් අඩු මිලට ගෙන්වා අවශ්‍යය කටයුතු කර නෙත්මිට පරිත්‍යාග කිරිමේ හැකියාව ද පවතිනවා.
ඡායාරූපවලින් දැක්වෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා නෙත්මි අහිංසා සහ ඇයගේ පුහුණුකරු අමාත්‍යංශ පරිශ්‍රයේදි හමු වූ අවස්ථාවයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan