*
Friday, September 20, 2024
spot_img

Latest Posts

එලිෂ්ගේ පොදු රද මඩුළු 10000 කිරුළ යුරෝපා සූරතාවයේදී යැස්මින්ට

එලිෂ් මැක්කෝල්ගන් ඉකුත් දිනවල වැඩි දෙනෙක්ගේ කතාබහට ලක් වුණේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සුරතාවලියෙදි කාන්තා මීටර් 10000 ඉසව්ව නව උළෙල වාර්තාවක් තබමින් රන් පදක්කමට හිමිකම් කී බැවිනි.එසේම ඇය මීටර් 5000 ඉසව්වේද රිදී පදක්ම දිනුවාය.මේ සියල්ලටම වඩා ඇයව පුහුණු කරන ඇයගේ මව ලීස් මැක්කෝල්ගන් ද පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග උළෙල දෙකකදි රන් පදක්කම කාන්තා මීටර් 10000 ඉසව්වෙන්ම දිනා තිබීම නිසා මෙය අපූරු කතාවක් වුණා.ධාවනයේදී එලීෂ් මීටර් 10000 ඉසව්වෙ අවසාන මීටර් 100 ක පමණ දුර ධාවනය කළ වේගයත් බොහෝ දෙනා අතර දැඩි අවධානයක් දිනා ගත්තා.
නමුත් පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලිය කියන්නේ බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදි කිරීටය යටතේ සිටි සහ දැනටත් යම් යම් සිමාවන් යටතේ පාලනය වන රටවල් සහභාගිවන ක්‍රීඩා උළෙලක්.එයට බොහෝ විට යුරෝපා ක්‍රීඩාවන්ට වෙන් වූ රටවල් විශාල ප්‍රමාණයක් ගැනෙන්නේ නැහැ.මේ බව ඔප්පු කරමින් ජර්මනියේ මියුනිච් නුවර පැවත්වෙන යුරෝපා මලල ක්‍රීඩා සූරතාවලියේදී කාන්තා මීටර් 10000 ඉසව්වේ එලිස්ගේ රන් පදක්කම් බලාපොරොත්තුව රිදී පැහැයට හරවමින් තූර්කියේ කැන් යැස්මින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ නව වාර්තාවක් බවට පත් වූ එලිෂ් වැය කළ විනාඩි 30:48.60 වෙනුවට මෙම තරගය ජයගත් යැස්මින් විනාඩි 30:32.57 ක කාලයක් වැය කරා.එලිෂ් ද පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයේදී වාර්තා කළ නව තරග වාර්තාවක් වූ කාලයට වඩා හොද කාලයක් වාර්තා කරමින් විනාඩි 30:41.05 ක කාලයක් වාර්තා කරා.තරගයේ මැද භාගයේදීම කණ්ඩායමෙන් වෙන්ව ධාවනය කළ යැස්මින්ට අවසාන මීටර් 400 ක පමණ දුරේදි එලීෂ් වේගවත් ධාවනයක යෙදෙමින් අභියෝගයක් එල්ල කරන්නට උත්සාහ කළත් එවිට කල්වේලා ඉක්ම ගොස් තිබුණා.මුලදිම කණ්ඩායමෙන් වැඩි දුරකට යා නොදි රැක ගත්තේනම් යැස්මින් යුරෝපා මලල ක්‍රීඩා සූරතාවයේ හිමි කර ගත් තෙවන රන් පදක්කම වළක්වන්නට නොහැකි වෙන්නට තිබුණත් දෙදෙනාටම මීට වඩා හොඳ කාලයක් වාර්තා කරන්නට ඉඩ තිබුණා.
කෙන්යාවේ දි විවියන් ජෙමුටායි නමින් 1996 දෙසැම්බර් 1 දා උපත ලබන යැස්මින් කෙන්යාව නියෝජනය කරමින් තරග වැදුණු ක්‍රීඩිකාවක් නොවේ.ඇය මුල සිටම තූර්කිය නියෝජනය කරපු ක්‍රීඩිකාවක්.2016 දී යුරෝපා මලල ක්‍රීඩා සූරතාවලියේත් ඇය මීටර් 10000 සහ මීටර් 5000 යන ඉසව් ද්විත්වයම ජය ගන්නවා.2018 දී ඇය මීටර් 5000 ඉසව්වෙන් දිනා ගන්නේ ලෝකඩ පදක්කමක්.එසේම යුරෝපීය රට හරහා දිවීමේ වාර්තාව මෙන්ම මීටර් 10000 වාර්තාවත් උසුලන යැස්මින්ට 2016 දී මෙන් මේ උළෙලේත් මීටර් 5000 ජය ගෙන ද්විත්ව රන් පදක්කම් දිනා ගන්නට ඉඩක් තියෙනවා.
එසේම යුරෝපා මීටර් 10000 කාන්තා තරගයේ ප්‍රතිපල ලේඛණය පහත දැක්වෙන අතර එහිදි එම ලේඛණයේ සිටින එලීෂ් හැරෙන්නට අන් කිසිම ක්‍රීඩිකාවක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් නියෝජනය කරන්නේ නැහැ.එලිෂ් ද මේ තරගාවලියට සහභාගි වූයේ සකොට්ලන්තය නියෝජනය කරමින් නොවේ.මහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින්.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan