ඒක බොරුවක් – මම එහෙම යන්නේ නැහැ!

ඇමති ධූරයක් ලබා ගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වීමට යන බවට පැතිරෙන කතාව කිසිදු පදනමක් නැති අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ.

සර්වපාක්ෂික රජයක් ස්ථාපිත කරන්නේ නම් එය ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ එවැනි රජයක් පදනම් විය යුතු ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබදව තමන් මේ වන විටත් පැහැදිලිව ස්ථාවරය ප්‍රකාශ කර ඇති බව රණවක මහතා
තවදුරටත් ප්‍රකාශ කර සිටියි.

නමුත් මේ වන විට එම යෝජනා බොහොමයක් ඉටු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අපොහොසත් වී තිබෙන අතර රට ව්‍යවසනයකට ඇද දැමූ දේශපාලකයන් සහ නිලධාරීන්ට දඬුවම් දීම පසෙක තබා, පීඩනය දරාගත නොහැකිව ඊට ප්‍රතික්‍රියා දැක්වූ අරගලයන්ට සක්‍රීයව සම්බන්ධ වූ සාමාන්‍ය ජනතාව සහ සමාජ ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ආණ්ඩුව සිදු කරගෙන යන දඩයම ද නවත්වන බවක් පෙනෙන්නට ද නැති බව ඔහු කියාසිටියි.

විරුද්ධ පක්ෂවල එක් එක් පුද්ගලයන් අල්ලාගැනීම මිස අදාළ පක්ෂ සාමූහිකව සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක් කරගැනීමේ වැඩපිළිවෙලක් ද ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකර බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ලබා දී තිබෙන යෝජනා ඉටු නොවුණු තත්ත්වයක් තුළ, රාජපක්ෂවරු විසින් මෙහෙයවන විධායකයක් ප්‍රමුඛ ආණ්ඩුව සමග එක්ව ඇමැති ධුර ලබාගැනීමේ අදහසක නොසිටින බවත්, විවිධ දේශපාලන අරමුණු උදෙසා ව්‍යාජ පුවත් නිර්මාණය කරන්නන්ගේ ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...