නන්දලාල්ලාගේ තීරණය ඉතිහාසයේ අදූරදර්ශීම තීරණයයි – පතිරණ

Date:

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම් පැහැර හැරීමට මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිස පසුගිය අප්‍රේල් මාසයේදී ගත් තීරණය මෙරට ඉතිහාසයේ ගත් අදූරදර්ශීම තීරණය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.


ශ්‍රේණිගත කිරීම් ආයතනවලින් ලංකාව Restricted Default තත්වයෙන් ඩිෆෝල්ට් තත්වයට දාලා. මේක අපේක්ෂා කරපු තත්වයක්. ණය Default කර ඉතිරි වන මුදලින් කන්න ගෙනත් දෙන ලෙස ඉල්ලා සිටි අරගලය ඇතුළු මෙරට උගත් නූගත් බොහෝ අයගේ ඉල්ලීම පිට වත්මන් මහබැංකු අධිපති, මුදල් ඇමති අලි සබ්‍රි හා විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා යන අයගේ දායකත්වයෙන් මේ තීරණය ගනු ලැබුවා. කවුරු ගත්ගත් ඒක මේ ඉතිහාසය අදුරදර්ශීම තීරණය.

ගෝඨාභය ආණ්ඩුවේ අරමුණ වුනේ විදේශ ණය ගෙවා දමමින්, රට තුළ ආදායම් උපයන මාර්ග නිර්මාණය කරන අතර තුර හිග මුදල් ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන අමතර මුදල් IMF වෙතින් ලබා ගන්නා ඉතා තිරසාර විසඳුමක්. 2020 ඉඳල අපි ඩොලර් බිලියන 8කට වඩා ගෙවල අපේ ණය බර ඩො. බිලියන 59 ඉඳල 47 අඩු කර ගත්තා. ඒ තත්වය ඉදිරියට ගියා නම් අපේ ශ්‍රේණිගත කිරීම් නැවත ඉහළ යනවා. අඩු පොළියට නැවත ණය ගන්න හැකි වෙනවා. ණය sustainable කරන්නෙ එහෙම. හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම බහුවිධ පෙරමුණු සහිත මාර්ග සිතියම නිර්මාණය කළ අතර එය ක්‍රියාත්මක වූයේ නම් අප මේ වන විට අර්බුදය සැලකියයුතු ලෙස කළමනාකරණය කරගෙන. ලෝක බැංකුව පවා මේක අනුමත කර දුන්නා. ඒ නිසා තමයි අද අපට ගෑස් ගන්න මුදල් ලැබෙන ලෙස ඔවුන්ගෙ ව්‍යාපෘති ණය repurpose කරල මිලියන 340ක් ලබා දුන්නෙ. හැබැයි අරගලය විසින් මේ මාහැඟි ශක්තිමත් විසඳුම පරාජය කළ අතර, ජනාධිපති ගෝඨාභයට පවා මේ ගැන දැනුමක් තිබුනේ නැහැ. අපට IMF සාකච්ඡා තියන්න තිබුනෙ අප්‍රේල් මාසේ. එදා මුදල් ඇමතිවරයා එහි ගියේ නම් අද එතනිනුත් බිලියන 4ක් අනුමත වෙලා ඉවරයි.

දැන් ඒ සියල්ල හීන. විදේශ ව්‍යාපෘති පවා දැන් ඇන හිටලා. ඒ ඩොලර් එන්නෙත් නැහැ. ඇත්තටම කණගාටුයි ඒ ගැන. දැන් තියෙන තත්වයට අනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පවා සැක සහිතයි. චීනය මොන පියවරක් ගන්න ඉන්නවද දන්නෙ නැහැ. මේ ගැන ආණ්ඩුව මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. හැබැයි කොහොම කටයුතු කළත් දැන් අපට තෝරන්න බැහැ. අපි ඉන්නෙ අනිත් අයගෙ අතේ. මේ තත්වය උදාකිරීම ගැන අරගලය නම් වූ විනාශකාරි ක්‍රියාදාමය වග කියන්න ඕන. දැන් අපට මේ වැටිච්ච වළෙන් ම ගොඩ එන්න වෙලා. ඒක පහසු නැ. හැබැයි පුළුවන්. කැප කිරීම් කරන්න ඕන.

~ මහින්ද පතිරණ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...