*
Wednesday, May 21, 2025
spot_img

Latest Posts

උමා ඔය, ඩයරබා ජලාශයේ ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට – ශෂීන්ද්‍ර රාජපක්ෂ

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ඩයරබා ජලාශයේ ජලය පුරවා විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණු බවත් එමඟින් මෙගා වොට් 120ක විදුලිබලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම මෙන්ම කුඹුරු අක්කර 15,000ක් යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙන බවත් වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.

මෙරට ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් වාරිමාර්ග අමාත්‍යාංශය පුළුල් දායකත්වයක් ලබා දෙමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය,

“මෙරට ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කළ ජාතික ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් වාරිමාර්ග අමාත්‍යාංශය පුළුල් දායකත්වයක් ලබා දෙමින් සිටින අතර වගා භුමි කළමනාකරණය කිරීම හා වාරි ජලය ලබාදීම විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ සිදු කෙරෙනවා.

එසේම වත්මන් කාලගුණික තත්ත්වයන් සමඟ රටේ මතුව ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කිරිමේ දී ඉහළ කළමනාකරණයකින් යුතුව එම තත්ත්වයන් සමනය කරන අමාත්‍යාංශයක් ලෙස වාර්මාර්ග අමාත්‍යාංශය හැඳින්විය හැකියි.

එසේම මතුව ඇති තත්ත්වයට මුහුණ දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, විදුලිබල අමාත්‍යාංශය, ජල සම්පාදන අමාත්‍යාංශය, වනජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග අප මේ වන විට මනා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක වෙනවා.

විශේෂයෙන් රටේ ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගනිමින් පරිසර පද්ධතින්ට හානියක් නොවන ලෙස කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය ලබා දෙමින් පානීය ජලය, ජල විදුලිය නිෂ්පාදනය, කර්මාන්ත හා වන සතුන්ට ජලය ලබාදීම සිදු කෙරෙනවා.

අප අමාත්‍යාංශයේ මෙම වසරේ ඉලක්කගත සමස්ත ආයෝජන සඳහා අය වැය ප්‍රතිපාදන, දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන හා ඒකාබද්ධ ජල ධහාරා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය මෙන්ම වැව් ගම් පුබුදුව ව්‍යාපෘති වෙනුවෙන් යොදවා තිබෙනවා.

අප පසුගිය දිනවල දිස්ත්‍රික් මට්ටමින් වාරිමාර්ග සැලැස්මක් සකස් කළා. ඒ අනුව හඳුනාගත් වාරි ව්‍යාපෘතින් 3,000ක පමණ පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය දිස්ත්‍රික්ක 25 ආවරණය වන අන්දමින් අප පසුගියදා ආරම්භ කළා. දීර්ඝ කාලයක් පුරා අලුත්වැඩියා නොකළ ඇලවේලි හා වැව් අමුණු සියල්ල මේ යටතේ පිළිසකර කිරීම සිදු වෙනවා.

මෙරට ජල විදුලිය උත්පාදනය කරන ප්‍රධානම ව්‍යාපෘතියක් ලෙස කතා බහට ලක්වන උමා ඔය ව්‍යාපෘතියේ ඩයරබා ජලාශයේ ජලය පිරවීමේ කටයුතු අපි පසුගිය 13 වනදා ආරම්භ කලා. ඒ අනුව මෙගා වොට් 120 විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරන සහ අලුතින් කුඹුරු අක්කර 15,000ක් පමණ යල මහ දෙකන්නයේ වගා කිරීමට හැකියාව ලැබෙනවා. එහි ප්‍රතිඵල ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනට එක් කිරීමට තව මාස කිහිපයකින් හැකියාව ලැබෙනවා.

ඒ වගේම මොණරාගල හා බදුල්ල යන දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුව විසඳීම පිළිබඳව ද අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම කාලගුණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහවැලි, විදුලිබල මේ සියලු ආයතන එක් කර ජලය කළමනාකරණය කිරීම පිළිබඳ මසකට හෝ මාස දෙකකට වරක් තීන්දු තීරණ ගැනීම සඳහා නීත්‍යානුකූල බලයක් තිබෙන එක් යාන්ත්‍රණයක් සකස් කිරීමට අද අප තීරණය කළා.

මෙලෙස මෙරට කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය වාරි ජලය සැපයීමටත් මෙරට ජාතික ආහාර සුරක්ෂිතාතාව තහවුරු කරමින් ජනතාවගේ පෝෂණ තත්ත්වය වැඩිදියුණු කිරීමටත් අප පුළුල් මෙහෙවරක් ඉටු කරමින් සිටිනවා”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan