*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

වැඩ කරන ජනතාවගේ අයිතීන් කෙළසන ආණ්ඩුව එක්ක අපට කිසිම සම්බන්ධයක් නැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජන ඝාතක, ජන පීඩක රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයත් සමඟ කිසිදු ගිවිසුමක් හෝ එකමුතුභාවයක් නොමැති බවත් අන්ත වාමාංශික හෝ ධනවාදී ප්‍රතිපත්තිය නොව තුන්වැනි මාවත අනුගමනය කරන පක්ෂයක් ලෙස මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජ දේශපාලන අයිතිවාසිකම් ද සුරක්ෂිත කිරීමට කැපවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම රජය 13 වැනි සංශෝධන ගැන සාකච්ඡා කළත් හරිහැටි භාෂා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති බවත් මෙවැනි බොරු වංචාකාරී දේශපාලන සූදුවක නියැලෙන ආණ්ඩුවක් සමඟ එක්වීමට සූදානම් නොමැති වුවත් රට වෙනුවෙන් ධනාත්මක නිවැරදි තීන්දු තීරණ ගන්නා තැන තනතුරු තාන්නමාන්න වරදාන ප්‍රතික්ෂේප කර නිවැරදි තැන හිටගන්නා බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස්වූ අවස්ථාවේ දී එය අමතමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ වන විට රට පාලනය කරන්නේ වරමක් නැති විශ්වාසයක් නැති පිළිගැනිමක් නැති ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුවක් බවත් ඔවුන් රට බංකොලොත් කළ කල්ලියක් සමඟ දේශපාලන සූදුවක නියැලෙමින් කල්ලිවාදය නිර්මාණය කරමින් රටේ ජාතික අවශ්‍යතාව නොව තමන්ගේ පෞද්ගලික බඩගොස්තරවාදය මත පදනම්ව තනතුරු හා ප්‍රතිලාභ වරදාන වරප්‍රසාදවලට ගිජුවී මනුෂ්‍යකම නොදන්න ප්‍රතිපත්තියක් නොමැති පාලනයක් රට තුළ ක්‍රියාත්මක කරන බවත් පැවසීය.

එමෙන් ම කම්කරු ප්‍රජාවට එරෙහිව මේ යෝජනා කරන ලද අදහස් තුළ ගැබ්ව ඇති අමානුෂිය යෝජනා තරයේ හෙලා දකින බවත් මෙරට කිසිදු කාන්තාවකට වැඩ කරන ජනතාවට මෙවැනි දරදඩු මෘග්ධ යෝජනා සමඟ එකඟ විය නොහැකි බවත් ජාත්‍යන්තර ප්‍රඥප්ති සහ ප්‍රතිපත්ති උල්ලංඝනය කර, භාෂා ප්‍රතිපත්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර මූලික අයිතිවාසිකම් කඩ කරමින් රජය ඉදිරිපත් කළ ජනතා විරෝධි යෝජනා තරයේ ම ප්‍රතික්ෂේප කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රටක සෞභාග්‍ය උදා කරලීම සදහා ධනය උත්පාදනය කළ යුතු බව යි ඒ සදහා සමාජවාදයට සමාජවාදයට හැකියාවක් නොමැති බවත් ඒ සදහා මානුෂීය ධනවාදය පමණක් යොදා ගත හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පෞද්ගලික ව්‍යවසායට සහ ධන උත්පාදනයට උපරිම සහාය ලබා දී මානුෂීය ධනවාදය උපයෝගී කර ගෙන එම ධනය පොදු ජනතාව අතර ද බෙදා දැක්විය යුතු බව පැවසීය.

2016 ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයට අනුව රටේ ජාතික ආදායමෙන් පොහොසත්ම සියයට 20 දෙනා ජාතික ආදායමෙන් සියයට 52කට වැඩි ප්‍රමාණයක් හා දුප්පත් ජනතාව භුක්ති විදින්නේ සියයට 4ක් හෝ 5ක් බවත් එහි අමානුෂිය ධනවාදයක් ඇති බවත් එය සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙරට වැඩ කරන ජනතාව ආරක්ෂා වෙන්නේ රැකියා වියුක්තියෙන් නොව නියුක්තියෙන් බවයි. එම නිසා ධන උත්පාදනය සදහා උපරිම සහයෝගය ලබා දිය යුතු බවත් ඒ සඳහා නිපුණතාවයෙන් කුසලතාවයෙන් යුත් වැඩ කරන ජනතාවක් අවශ්‍ය බවත් එසේ උත්පාදනය කරන ධනය සමාජ සාධාරණත්වය තුල සර්ව සාධාරණව බෙදී යා යුතු බවත් පැවසීය.

මෙහි දී කම්කරු සුරක්ෂිතභාවයයි ධන උත්පාදනයයි එකට යා යුතු බවත් එවන් ප්‍රබුද්ධ ප්‍රශස්ත විසදුමකට යොමුවිය යුතු බවත් අවධාරණය කළ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේගය සිටින්නේ වැඩ කරන ජනතාව සමඟ බවත් අර්ථ සාධකයකට අත තිබ්බ ආණ්ඩුව සමග ගිවිසුමක්වලට එම නිසා එළබිය නොහැකි බවත් පැවසීය. එමෙන් ම විසදුම් සොයා යන ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස වැඩකරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ජන වරමකින් බැහැරව කිසිදු තනතුරක් තාන්න මාන්නයක් භාර ගැනීමට සුදානම නොවන බවත් මෙහි දී වැඩිදුරටත් පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan