ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

Date:

කොළඹ LNW: ජනාධිපති ලේකම් කාර් යාලය ඉදිරිපිට යම් උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

ඒ,පෙර දැනුම් දීමකින් තොරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර් ය සමිති සම්මේලනය ,විදුලිබල මන්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුලු වෘත්තිකයින්ගෙන් වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් පිරිසක් සාකච්ඡාවක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ඇතුල්වීමට උත්සාහ කිරීම හේතුවෙනි.

ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලට යාමට පෙර පොලීසිය හා හමුදාව අත්වැලක් යොදා පිරිස නවතා ඇති අතර පසුව අතිරේක ලේකම්වරයෙකු පැමිණ සාකච්ජාවක් කළ අතර ඔහු විසින් සාකච්ජාවකට වෙනත් දිනයක් ලබාදෙන බව පැවසූවත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරමින් අද (17) දිනයේම සාකච්ජාවක් ඉල්ලා සිටින ලදී.

එහෙත් එම සාකච්ජාව බැවින් පිරිස විසිර ගිය අතර විසිර යාමට පෙර ඔවුන් මාධ්‍ය වෙත පැවසූවේ නැවත වෘත්තීය සමිති සාමාජිකයින් සමඟ පැමිණෙන බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...