නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු ජෝර්දානයේදී අත්අඩංගුවට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජෝර්දාන හමුදාවේ නිල වෙබ් අඩවියට අනුව ඊයේ දින  (16) නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු ජෝර්දාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

මෙම ශ්‍රී ලාංකිකයන් දේශසීමා හමුදා විසින් අත්අඩංගුවට ගෙන අදාළ බලධාරීන් වෙත භාරදී ඇති බව වාර්තාවන අතර ජෝර්දාන-ඊශ්‍රායල් දේශසීමාවේ වසර ගණනාවක් පුරා අප්‍රිකාව, ආසියාව සහ තුර්කිය ඇතුළු විවිධ රටවලින් ඊශ්‍රායලයේ රැකියා පතා පැමිණෙන පුද්ගලයින් විසින් අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා කිහිපයක් දැකගන්නට ලැබුණි.

එවැනි උත්සාහයන් මැඩපැවැත්වීම සඳහා හමුදාවන් දැඩි ලෙස ක්‍රියා කරන අතර පසුගිය වසරේ ජෝර්දානයෙන් පුද්ගලයින් 52 දෙනෙකු අනවසරයෙන් ඇතුළු වූ අතර 2023 පළමු කාර්තුවේදී 23 දෙනෙකු එසේ පැමිණ ඇති බවයි ඊශ්‍රායල බලධාරීහු පවසන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...