ජනාධිපතිවරණයේ ප්‍රචාරණයට කෝටි 1700ක් දක්වා වියදම් කරන්න ප්‍රධාන අපේක්ෂකයින් ඉල්ලලා !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණ වියදම් නියාමන පනතට අනුව එක් ඡන්ද දායකයකු වෙනුවෙන් සිදුකිරීමට බලාපොරොත්තුවන වියදම සම්බන්ධයෙන් අපේක්ෂකයින්ගෙන් විමසා ඇති බවත් එහිදී ඔවුන් ශත 50 සිට රුපියල් 1000 දක්වා යෝජනා ඉදිරිපත් කර ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

“අදාළ අපේක්ෂකයින්ගෙන් ඔවුන් වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල කීයක්ද කියලා ලිඛිතව ලබාගනු ලැබුවා. ඒ අනුව එක් ඡන්ද දායකයෙකුට ශත 50 සිට රුපියල් 1000 දක්වා මුදල් යෝජනා වුණා. මෙහි පනතට අනුකූලවම තියෙන කාරණාව තමයි අපේක්ෂකයින්ගෙන් විමසා කොමිෂන් සභාව මේ තීරණය කළ යුතුයි කියන එක. ඒ අනුව කොමිෂන් සභාව රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අදාළ තීරණය ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි”

“2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුකරලා තියෙනවා. ඒ අනුව අවසරලත් මුදල තීරණය කරනවා කොමිෂන් සභාව විසින්. ඒ අවසරලත් මුදල තීරණය කළාට පස්සෙ ඒ සීමාව තුළ තමයි අපේක්ෂකයෙකුට වියදම් කරන්න හැකියාව ලැබෙන්නෙ. මැතිවරණය අවසන් වෙලා දින 21ක් ඇතුළතදී අපේක්ෂකයෙක් ඔවුන්ගෙ ආදායම් සහ වියදම් වාර්තාව ලබාදෙන්න ඕනෙ මැතිවරණ කොමිෂන් සභාවට. ඉන්පස්සෙ මෙය දින 10ක කාලයක් ප්‍රදර්ශනය කරනු ලබනවා මැතිවරණ කාර්යාලයේ. යම් ලෙසකින් මේ වියදම් පිළිබඳව වැරදි නැතහොත් සීමාව ඉක්මවීම වැනි කාරණා තුල අධිකරණ තීන්දුවකින් ධුරය අහෝසි කිරීමට සිදුවෙනවා”

අදාළ ගැසට් නිවේදනය ලබන සතියේදී නිකුත් කෙරෙනු ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...