අපරිපූර්ණ රනිල් ….

Date:

අනුරාධපුර මංගල රැළියේදී රනිල් එක්තරා භික්ෂූන් වහන්සේ කෙනෙකුට අතට අත දෙන වීඩියෝවක් වෛරල් වෙනවා. මම හිතන්නේ ඔහුට විරුද්ධ පාක්ෂික අය මේක ගොඩක් ප්‍රමෝට් කරනවා වගේම මේ කේස් එකේදී රනිල්ට සපෝට් කරන අය සෑහෙන්න නිරුත්තර වෙන්න නියමිතයි.

ඒ සිංහල බෞද්ධ ආචාර සමාචාර සන්දර්භය එක්ක. ඒ නිසා ”ට්‍රැක පැනපු සීයා හාමුදුරුවන්ට අතට අත දෙනවා” කියල කතාවක් යනවා. ආචාර සමාචාර ගැන පෝස්ට් එකක් දාල ඊයේ ෆේස්බුක් එක ඒක ගලවල තිබ්බ. සමහර විට මේකත් ගලවයි.

මම කලින් පෝස්ට් එකේ කිව්ව දේ තමයි මේ ආචාර සමාචාර කියන්නේ ගොඩක් අපි මතුපිට නඩත්තු කරන දේවල් මිසක් ඒවා අපේ ආත්මයේ අභ්‍යන්තරයට සම්බන්ද නැහැ කියන එක. ඇත්තටම බොක්කෙන් අපි දේවල් කරන්නේ ඉතාම සීමාසහිත කලාපයක.

දැන් මේ ආචාර සමාචාර ඉතාම හොඳින් ප්‍රගුණ කරපු කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. අනිත් අයත් මේක දක්ෂ විදියට කරනවා. නමුත් රනිල් කියන කෙනා මේ රටේ මේ ආචාර සමාචාර කියන තැනදී ගොඩක් ඓන්ද්‍රීය කෙනෙක් නෙවෙයි. දුරස්ථ කෙනෙක්. මේ රටේ සන්දර්භයට නොගැළපෙන මොකක්දෝ එකක් රනිල්ගේ තියනවා. දැන් දශක ගණනක් රනිල්ට ගැහුවේ මේ පොයින්ට් එක පදනම් කරගෙන.

මම හිතන්නේ මේ දුරස්ථ බව අපි හැමෝගේම වගේ තියනවා. රනිල්ගෙන් ඒක ගොඩක් වෙලාවට එළියට එනවා. අවිඥාණිකව.

ලස්සන වැඩේ තමයි ඒ හාමුදුරුවොත් ඒ දුන්න අත අල්ලගන්නවා. අවුලක් පේන්නේ නැහැ. දෙන්නම සමානයෝ. වඳිනවාට වඩා අතට අත දෙන එකේ පොඩි සමානත්වයක් නඩත්තු වෙනවා. නමුත් ලංකාවේ සන්දර්භය ඇතුලේ මේ දෙන්න සමානයෝ නෙවෙයි.

මෙතන වැඩේ තියෙන්නේ මේ වගේ දෙයක් දේශපාලන වාසි වෙනුවෙන් පාවිච්චි කරන එක. හැබැයි මේ වෙලාවේ ඒකට මොකුත් කියන්න බැහැ. මොකද මේක දේශපාලනය. ඒක තමන්ගේ වාසිය පිණිස පාවිච්චි කරන්න ඕනි. මිස්ටේක් නොකර ඉන්න හැමෝම වගබලා ගන්න ඕනි.

හැබැයි මම රනිල්ට එදා ඉඳන් කැමති එක හේතුවක් තමයි එයා තුල තියන මේ බටහිර – බුර්ෂුවා – ලංකාවට හරියට ෆිට් නොවන ගතිය. බහුතර ජනයාගේ ආශාවට ෆිට් නොවන ගතිය. මනකාන්ත ජනකාන්ත නොවන බව. විගලිත බව. ඒක තමයි එයාගේ වීක් පොයින්ට් එක (weak point). හැබැයි අපි එයාට කැමතිවෙන ඒ දුර්වල තැනත් ඒකමයි.

මේ රට ඇතුලේ අපි හැමෝම විගලිතයි. මේ රටට ඕනි මේ රටට ආදරේ වගේම මේ රටෙන් තරමක් දුරස්ථ කෙනෙක්. එතකොට තමයි මේ රට ඇත්තටම පේන්න ගන්නේ.

එයාගේ අනික් හැම ප්‍රතිවාදියෙක්ම පරිපුර්ණයි. රනිල් එච්චර ලංකාවේ ජනතා ඇස ඉස්සරහා පරිපූර්ණ නැහැ. මේක ලංකාවේ හැමෝම දන්නා දෙයක්.

(පසුව ලියමි: ඇත්තටම මුලින් අත දික්කරන්නේ හාමුදුරුවෝ. ඊටත් කලින් රනිල් වේදිකාවට ගොඩවෙන්නේ ම වැඳගෙන. කොහොම උනත් මගේ පොයින්ට් එක වෙනස් වෙන්නේ නැහැ).

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...