උතුරේ ක්‍රියාත්මක ‘ජෝයි’ මැරකල්ලියේ තිදෙනකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ (LNW):

නිවසකට ඇතුළුවී පෙට්‍රල් දමා යතුරු පැදි ඇතුළු රථ වාහන ගිනිතබා නිවසට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී, යාපනයේ ක්‍රියාත්මක ‘ජෝයි නැමති මැරකල්ලියක තිදෙනකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය කියා සිටී.

‘‘ආවා ‘‘ කල්ලියේ ප්‍රබලයකු ලෙස ක්‍රියාකල ජෝයි නැමති අයකු විසින් ඩුබායි සිට මෙම කණ්ඩායම මෙහෙයවා ඇති බවත් සැකකරුවන් සතුව තිබි කඩු හතරක් සහ දකුණු ඉන්දියානු චිත්‍රපට ආභාෂයෙන් නිශ්පාදනය කළ කෙටේරියක් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක්ද සොයාගත් බවත්, පසුගිය 15 වැනිදා අලුයම් කාලයේදී යතුරු පැදි දෙකකින් වැල්වැටිතුරයි නිවසකට පැමිණි හයදෙනකු විසින් එම නිවසට පහරදී පෙට්‍රල් දමා රථ වාහන ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිසිය වාර්තා කරයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් අද අත්අඩංගුවට ?

පසුගිය රජයේ ඉහළම තනතුරක් දැරූ නිලධාරියකු අද (27) දිනයේදී...

පණ ගැහෙන වර්ණයන්ට වටිනාකමක් ලබා දෙන, Maria කාචයෙන් දකින ලෝකය!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW): සමහර ඡායාරූප ශිල්පීන්...

ඉරානය දැඩි ප්‍රහාරයකට සුදානම් වේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ USS...

ශිරන්ති රාජපක්ෂටත් FCIDයෙන් කැඳවීමක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...