ලක්ෂ 220 ම දේශපාලන පලිගැනීමට ලක් වෙලා. සහන දිය යුත්තේ රටටමයි – සජිත්

Date:

දේශපාලන පලිගැනීමට ලක්ව සිටින්නේ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක ජනතාව බවත් ආණ්ඩුව කළ යුත්තේ ඔවුන් ඒ පලිගැනීමෙන් මුදවාගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිළධාරීන් පිරිසකට වන්දි ගෙවීමකට අදාල කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ඉදිරිපත් කිරීමට පොහොට්ටු පක්ෂය යුහුසුළුවෙමින් පවතින බව වාර්තා වන බව පැවසූ විපක්ෂ නායකවරයා මේ මොහොතේ එවැන්නක් කිරීමට කිසි විටෙකත් කිසිවිටෙකත් ඉඩ ලබා නොදෙන බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (17) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවති රැස්වීමක දී ය.

අන්තනෝමතික තීන්දුවක් නිසා පොහොර තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ වගා හානි වී ඇති අතර අදටත් ඔවුන්ට වන්දි ගෙවා නැතැයි කී විපක්ෂ නායකවරයා වසර දෙකකට වැඩි කාලයක් මේ රටේ දරුවන්ට අධ්‍යාපනය නිසි ආකාරයෙන් ලැබෙන්නේ නැති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව, බංකොලොත් වූ රට නගා සිටුවීමට කටයුතු කරනවා හැර මෙවැනි දේශපාලන පලිගැනීම් සඳහා යැයි කියමින් තෝරා ගත් කිහිප දෙනෙකුට සහන ලබාදීමට තමන් විරුද්ධ බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...