ලක්ෂ 220 ම දේශපාලන පලිගැනීමට ලක් වෙලා. සහන දිය යුත්තේ රටටමයි – සජිත්

Date:

දේශපාලන පලිගැනීමට ලක්ව සිටින්නේ මේ රටේ ලක්ෂ දෙසිය විස්සක ජනතාව බවත් ආණ්ඩුව කළ යුත්තේ ඔවුන් ඒ පලිගැනීමෙන් මුදවාගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය නිළධාරීන් පිරිසකට වන්දි ගෙවීමකට අදාල කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ඉදිරිපත් කිරීමට පොහොට්ටු පක්ෂය යුහුසුළුවෙමින් පවතින බව වාර්තා වන බව පැවසූ විපක්ෂ නායකවරයා මේ මොහොතේ එවැන්නක් කිරීමට කිසි විටෙකත් කිසිවිටෙකත් ඉඩ ලබා නොදෙන බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (17) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී පැවති රැස්වීමක දී ය.

අන්තනෝමතික තීන්දුවක් නිසා පොහොර තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ වගා හානි වී ඇති අතර අදටත් ඔවුන්ට වන්දි ගෙවා නැතැයි කී විපක්ෂ නායකවරයා වසර දෙකකට වැඩි කාලයක් මේ රටේ දරුවන්ට අධ්‍යාපනය නිසි ආකාරයෙන් ලැබෙන්නේ නැති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව, බංකොලොත් වූ රට නගා සිටුවීමට කටයුතු කරනවා හැර මෙවැනි දේශපාලන පලිගැනීම් සඳහා යැයි කියමින් තෝරා ගත් කිහිප දෙනෙකුට සහන ලබාදීමට තමන් විරුද්ධ බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...