නාඩු 120 යි සම්බා 125 යි කීරි සම්බා 130 යි – වී මිලදී ගැනීම ඇරඹෙයි

Date:

වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120 කටත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කටත් මිලදී ගන්නා බවයි අමාත්‍යංශය පවසන්නේ.

සහල් මිල 200 ඉක්මවා තිබුණද රුපියල් 90 කටත් වඩා අඩු මුදලකට වෙළඳපොලේ වී මිලදී ගැනීම් සිදුවන බවට ගොවි ජනතාව දක්වා ඇති අදහස් සැළකිල්ලට ගනිමින් වී මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ගොවි සංවිධාන පවසන්නේ ගොවීන් වී වගා කිරීම සඳහා වැයකළ වියදම් පියවා ගැනීමට නම් අවම වශයෙන් වී කිලෝවක් රුපියල් 150 කට වත් අලෙවි කළයුතු බවයි.

වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 2000 ක් වෙන්කර ඇති අතර ඒ හරහා වී මෙට්‍රික් ටොන් 30,000 ක් මිලදී ගැනීමට අපේක්ෂා කරයි. ඉදිරියේදී තවත් මුදල් වෙන් කරන බවද කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

මේ අතර වී අලෙවි මණ්ඩලය හරහා අලෙවි කරන සෑම සහල් කිලෝවකින්ම රුපියල් 05 බැගින් අඩු කිරීමටද තීරණය කර තිබෙනවා. මෙම තීරණය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...