*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

තිළිණි‍ගේ ජපන් ගමන වැට උඩද – කොට උඩද ? අන්තිම උත්සාහය ඇමතිට.

අගෝස්තු 22 දා සිට 28 වන දා දක්වා ජපානයේ ටෝකියෝ හී පැවත්වෙන ටෝටල් එනර්ජිස් ලෝක බැඩිමින්ටන් සූරතාවලියට සහභාගි වීමට යෝජිතව සිටි තිළිණි හෙන්දහේවාට වීසා නිකුත් කිරීමට ජපන් තානාපති කාර්යාලය ප්‍රමාද කරන බව වාර්තා වේ.තරගාවලිය සඳහා සැළසුම් සකස් කරද්දී ඇයට සහ සචින් ඩයස්ට මිශ්‍ර යුගල තරග සඳහා අවස්ථාවක් උදා වී තිබෙන අතර ජාත්‍යන්තර බැඩ්මින්ටන් සම්මේලනය ඒ බව දැණුම් දුන් විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය එම අවස්ථාව පිළිගෙන ඇත.
අගෝස්තු 11 වන දා ලෝක සූරතා තරගාවලියේ සංවිධායකයන් ශ්‍රී ලංකා බැඩිමින්ටන් සංගමය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ මිශ්‍ර යුගල තරගයට තරග කිරීමට සචින්ට සහ තිළිණිට අවස්ථාවක් ඇති බවය.එම අවස්ථාව භාර ගැනීමෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යවරයාටද තොරතුරු දැණුම් දී විදේශ කටයුතු අමාත්‍යංශයෙන්ද අවශ්‍යය කටයුතු කඩිනමින් සූදානම් කර ජපන් වීසා සඳහා ඉල්ලුම් කළ ද,තානාපති කාර්යාලයේ ප්‍රතිචාරය වී ඇත්තේ එය විශේෂ කොට සළකා කළ නොහැකි බවය.සාමාන්‍ය පරිදි එම කටයුත්ත සිඳු කිරීමේදී තරගාවලිය නිමා වීමට හැකි බැවින් මේ වන විට නැවත ක්‍රිඩා අමාත්‍යවාරයා හරහා ක්‍රියා කිරීමට බැඩ්මින්ටන් සම්මේලනය කටයුතු යොදා ඇති බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
තරගයට පෙරාතුව නිරෝධායන සමයකුත් ඇති බැවින් තිළිණි හෙන්දහේවා මේ සංචාරයට සහභාගි කරවා ගන්නේනම් හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිත නිලූක කරුණාරත්න,සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමඟ එකට පිටත් කිරීමේ අවශ්‍යයතාවයක්ද පැන නැඟි ඇත.මේ අතරින් දැනට තිළිනිගේ තත්ත්වය අවිනිශ්චිත බැවින් පිරිමි යුගල තරගය සඳහා සචින් සහ බුවනෙක ද,කේවල පිරිමි තරඟ අංශයට නිලූක ද සහභාගි වීමට නියමිතව ඇත.තිළිණිගේ සහභාගීත්වය ස්ථීර වුවහොත් මිශ්‍ර තරග අංශයේදී ඔහුගේ සහයකයා වන්නේ සචින් ඩයස් ය.
තරගාවලියට පුහුණුකරුවෙක් සහභාගි නොවන අතර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ඉන්දුනීසියානු ජාතික ජෙෆර් රොසබින්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයෙන් අවශ්‍යය සහය නොලැබෙන තත්ත්වය නිසා සේවා කාලය නිමා කොට රටින් ද නික්ම ගොස් ඇත.ක්‍රිඩා අමාත්‍යංශය පුහුණුකරු ගෙන්විමේ සාකච්ඡාවලදී අවම තරමින් පුහුණුකරු වැටුපෙන් අඩක් හෝ ගෙවන්නට ක්‍රියා කරන බව පැවසුවද,ජෙෆර්ට මෙන්ම තවත් පුහුණුකරුවන් දෙදෙනෙකුටත් මසකට ඩොලර් 8000 බැඟින් ගෙවීමට සිඳු වී ඇත්තේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයටය.එසේම ප්‍රධාන පුහුණුකරුට මසකට රුපියල් 1,50 000 බැඟීන් වූ නවාතැනක් ද සූදානම් කර දෙන්නට බැඩ්මින්ටන් පරිපාලනයට සිඳු වී ඇත.
මෑථ කාලයේ වීසා ලබා ගැනීමට යාමේදී ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම් විශාල ගැටළුවකට මුහුණ දෙන තත්ත්වයක් දැකිය හැකිය.ඇමෙරිකානු සංචාරයට එක් වූ මලල ක්‍රීඩා කණ්ඩායමට මෙන්ම කොළොම්ඹියා බලා ගිය කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමට විඳින්නට සිඳු වූ අවාසනාවන්ත තත්ත්වයට ද ආයතනික අකාර්යක්ෂමතාවයන් මෙන්ම වීසා ප්‍රමාදයන්ද යම් ආකාරයකට බල පෑවේය.මේ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය සමඟ ද එකඟතාවයකට පැමිණ අඩුම තරමේ තරගාවලියකට සහභාගි වීම භාර ගැනීම නිශ්චිත කාලයකට පෙර සිඳු විය යුතු බවට යම් නියමයක් ගෙන එන්නේ නම් වැදගත්ය.මන්ද මේ තරගාවලියේ සහභාගීත්වය භාර ගැනීම නිසා තිළිණීට සහභාගි වීමට නොහැකි වුව ද බොහෝ විට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයට සහභාගි නොවීම නිසා ඩොලර් දහසක පමණ දඩයකට යටත් වෙන්නට ද සිඳු විය හැකිය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan