මල්ලවපොර ශූරිය විපක්ෂ නායකයාගේ ඇගයීමට ලක්වෙයි (Video)

Date:

ආණ්ඩුව කරන හොඳ දේට හොඳයි කීමටත් වැරදි සිදු වනවිට කොන්දේසි විරහිතව ඊට එරෙහිවීමටත් දෙවරක් නොසිතන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇමති වරදාන උදෙසා සිදුවන සංගීත පුටු තරගයට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බව පැවසූ විපක්ෂ නායකයා රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා ගන්නා වූ උත්සාහයන්ට සහයෝගය ලබාදෙන බව අවධාරණය කරයි.

දේශපාලන පලිගැනීම් සිදු වූ බවට පවසමින් තෝරාගත් පිරිසකට පමණක් වන්දි ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීමට සූදානම් වන බවත් මුළු රටටම වන්දි දිය යුතු මොහොතක තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් වන්දි ලබාදීමට තමන් විරුද්ධ බවත් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසය තුළ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා රටට කීර්තියක් රැගෙන ආ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු වූ ටී. සුරංග කුමාර මහතාව ඇගයීමට ලක් කිරීම උදෙසා පන්නල වෙල්පල්ල පිහිටි, නෙත්මි අහිංසාගේ නිවසට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

රටට කීර්තියක් රැගෙන ආ ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු දිරිගැන්වීමත්, ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් ලබා දිය හැකි සියලු ශක්තිය ලබාදීමත් සිය අරමුණ බවද ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

නෙත්මි අහිංසා ක්‍රීඩිකාවට සහ පුහුණුකරු සුරංග කුමාර මහතාට විශේෂ මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ විපක්ෂ නායකයා, ඉදිරි තරග සංචාර සඳහා අනුග්‍රහය දක්වන බවටද පොරොන්දු විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: 16 දරුවෙකු තුවාල ලබයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින්...

2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු – ජනපති රේගු නිරීක්ෂණයේදී කියයි

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම...

‘බියොන්සේ’ ලොව පස්වන බිලියනපති සංගීතඥයා බවට ෆෝබ්ස් වාර්තා කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඇමරිකානු ගායිකාවක්,...

පුටින්ගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට එල්ල වන චෝදනා යුක්රේනය ප්‍රතික්ෂේප කරයි.

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 30: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: රුසියානු ජනාධිපති...