මල්ලවපොර ශූරිය විපක්ෂ නායකයාගේ ඇගයීමට ලක්වෙයි (Video)

Date:

ආණ්ඩුව කරන හොඳ දේට හොඳයි කීමටත් වැරදි සිදු වනවිට කොන්දේසි විරහිතව ඊට එරෙහිවීමටත් දෙවරක් නොසිතන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඇමති වරදාන උදෙසා සිදුවන සංගීත පුටු තරගයට සමගි ජන බලවේගය සම්බන්ධ නොවන බව පැවසූ විපක්ෂ නායකයා රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා ගන්නා වූ උත්සාහයන්ට සහයෝගය ලබාදෙන බව අවධාරණය කරයි.

දේශපාලන පලිගැනීම් සිදු වූ බවට පවසමින් තෝරාගත් පිරිසකට පමණක් වන්දි ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීමට සූදානම් වන බවත් මුළු රටටම වන්දි දිය යුතු මොහොතක තෝරා ගත් කිහිප දෙනෙකුට පමණක් වන්දි ලබාදීමට තමන් විරුද්ධ බවත් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසය තුළ පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් දිනා රටට කීර්තියක් රැගෙන ආ නෙත්මි අහිංසා ප්‍රනාන්දු ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු වූ ටී. සුරංග කුමාර මහතාව ඇගයීමට ලක් කිරීම උදෙසා පන්නල වෙල්පල්ල පිහිටි, නෙත්මි අහිංසාගේ නිවසට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

රටට කීර්තියක් රැගෙන ආ ක්‍රීඩිකාව සහ ඇයගේ පුහුණුකරු දිරිගැන්වීමත්, ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් ලබා දිය හැකි සියලු ශක්තිය ලබාදීමත් සිය අරමුණ බවද ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

නෙත්මි අහිංසා ක්‍රීඩිකාවට සහ පුහුණුකරු සුරංග කුමාර මහතාට විශේෂ මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළ විපක්ෂ නායකයා, ඉදිරි තරග සංචාර සඳහා අනුග්‍රහය දක්වන බවටද පොරොන්දු විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...